ලෝකයට අලුත් ලස්සනක් හඳුන්වා දුන් Transgender නිරූපන ශිල්පිණියන්

ලෝකයට අලුත් ලස්සනක් හඳුන්වා දුන් Transgender නිරූපන ශිල්පිණියන්

ලෝකයේ ලස්සන පිළිබඳ අදහස කාලයෙන් කාලයට වෙනස් වෙමින් යනවා. එම අදහසට නව මුහුණුවරක් ලබාදෙන්නට ලිංගිකත්වය වෙනත් කරගත් (Transgender)r නිරූපණ ශිල්ප ශිල්පිනියන්ට හැකිව තිබෙනවා. ලෝකයේ මුලින්ම Transgender මිනිසුන් සඳහා විවෘත වූ ක්ෂේත්‍රයක් බවට පත්වූවේ නිරූපණ ක්ෂේත්‍රයයි.

අද වනවිට ලෝකයේ ප්‍රමුඛ පෙළේ නිරූපණ ශිල්පිණියන් අතර සිටීමට Transgender නිරූපණ ශිල්ප ශිල්පිනියන්ට සමත්ව සිටිනවා. ඒවගේම ඔවුන් පැමිණි ගමන් මඟ ලෝකයේ බොහෝ දෙනෙකුට ආදර්ශයක්ද සපයනවා.

පහත දැක්වෙන්නේ ලෝකයේ ප්‍රමුඛ පෙළේ සිටින Transgender නිරූපණ ශිල්ප ශිල්පිනියන් කිහිප දෙනෙක් පිළිබඳ තොරතුරුයි.

Isis King

2012 වසරේ සිය නිරූපණ ගමන ආරම්භ කරන King ඇමරිකාවේ පළමු transgender නිරූපණ ශිල්පිනියක් වෙනවා.

Lea T

ඉතාලියේ විලාසිතා නිරූපණ ශිල්පිණියක් වන T ලෝකයේ පළමුවරට රූපලාවන්‍ය නිෂ්පාදන සම්බන්ධව කෙරුණු වෙළඳ දැන්වීමක පෙනීසිටි පළමු transgender නිරුපන ශිල්පිනියයි.

Ines Rau

ඉතා එඩිතර චරිතයක් ලෙස ප්‍රසිද්ධ Ines Rau තමන් කුඩා කාලයේ පටන් කුමාරිකාවක් වීමට සිහින දැකීමට සිතු බව පැවසෙනවා. ඇය පවසන්නේ තමන්ම තමන්ගේ ලිංගිකත්වය තීරණය කිරීම ශක්තිමත් හැඟීමක් බවයි.

Aydian Dowling

transgender තරුණයෙක්ගේ ස්වරුපය පිළිබ අදහස වෙනස් කළ පුද්ගලයෙක් ලෙස Aydian Dowling ප්‍රසිද්ධියක් උසුලනවා.

Arisce Wanzer

උතුරු වර්ජිනියාවේ හැදී වැදුණු Wanzer දැනට කාර්ය බහුලම Transgender නිරූපණ ශිල්පිණියක් ලෙස ප්‍රසිද්ධයි.

Andreja Pejic

ඇය ලෝකයේ ඉතා ප්‍රසිද්ධ transgender කාන්තාවක්. මුල් කාලයේදී Andreja පිරිමි සහ ගැහැණු ඇඳුම් යන දෙවර්ගය නිරූපණය සඳහා දායක වී තිබෙනවා. ඊට අමතරව එකම වසරේදී ඇය ලෝකයේ ප්‍රමුඛ පෙළේ නිරූපණ ශිල්පීන් 50 දෙනාට සහ ලෝකයේ සරාගීම කාන්තාවන් සිය දෙනා අතරට එක්ව සිට ඇත. 2014 වසරේදී ශල්‍යකර්මයක් හරහා Andreja කාන්තාවක් බවට පරිවර්තනය වෙනවා.

Geena Rocero

පිලිපීනයේ උපන් Geena පසුව ඇමරිකාව වෙත සංක්‍රමණය වී තිබෙනවා. ඇය නාන ඇඳුම් නිරූපණ ශිල්පිනියක් මෙන්ම transgender අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීසිටින නීතිඥවරියක්ද වේ.

Caroline Tula Cossey

Caroline ලෝකයේ පළමුවරට Playboy සඟරාව සැරසූ transgender කාන්තාව වීමට වගේම James Bond චිත්‍රපවල රඟපෑමට වරම් හිමිකර ගත්තියකි. ‘Am a Woman' නමින් තමන්ගේ ජීවන චරිතය ලිය පළකර ඇති අය transgender අයිතීන් වෙනුවෙන් පෙනී සිටින්නියක්.

Carmen Carrera

අය නිරූපණ ශිල්පිනියක්, නිළියක් සහ රියැලිටි තරුවක් ලෙස ප්‍රසිද්ධයි.

Jenna Talackova

ඇය රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් සහ නිරූපන ශිල්පිනියක්ද වේ. Jenna ප්‍රසිද්ධියට පත්වූවේ Miss Universe තරඟාවලියට සුදුසුකම් ලැබීමත් සමඟයි. transgender කාන්තාවක් වීම නිසා ඇයට එම තරඟාවලිය ගිලිහුණත් 2012 වසරේ Miss Congeniality බවට පත්වන්නේ ඇයයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න