"මල්ලි, රනිල් එළවන්නද යන්නේ?" : හිටපු ජනාධිපතිගෙන් ඇමති චම්පිකට ඇමතුමක්

"මල්ලි, රනිල් එළවන්නද යන්නේ?" : හිටපු ජනාධිපතිගෙන් ඇමති චම්පිකට ඇමතුමක්

අද (13) උදෑසන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අමාත්‍ය පාඨලී චම්පික රණවක වෙත දුරකථන ඇමතුමක් ගෙන තිබෙනවා.

මුලින් ඩෝසර් කතාව

ඒ "මල්ලි, විජේරාමේ මගේ ගේ ඉස්සරහා ඩෝසරයක් ඇවිත් හාරනවා. මට පෙන්නේ ඔය විදිහට හෑරුවොත් තාප්පෙට ලොකු ඩැමේජ් එකක් වෙන්න පුළුවන්. පොඩ්ඩක් බලන්න මොකක්ද ඒ කරන්නෙ කියලා" යනුවෙන් හිටපු ජනාධිපතිවරයා ඇමති පාඨලීගෙන් අසමින්.

ඊට පිළිතුරු දෙමින් ඇමති පාඨලී "හරි හරි මං බලන්නම් මොකක්ද කියලා. කොහොමත් මේ ඒරියා එකේ පාරවල්වල වැඩ ටිකක් යන බව දන්නවා. මං බලන්නම් මොකක්ද වෙන්නේ කියලා" කියා ඇත.

පස්සේ අගමැති කතාව

එහිදී මාතෘකාව වෙනස් කරමින් හිටපු ජනාධිපතිවරයා "මල්ලි මොකක්ද මේ ඔයාලා රනිල්ව අගමැතිකමින් යවන්න හදනවා කියලා යන කතාව. හපෝ මල්ලි ඒ වැඩේ නම් කරන්න එපා. රනිල් දිගටම ඉන්න ඕන කෙනෙක්, ඔන්න ඒ වැඩේ නම් කරන්න එපා" කියමින් සිනාසෙන්නට ගෙන ඇත.

මේ පිළිබඳ newstube.lk ගොසිප් වෙත පැවසූ අය කියා සිටියේ හිටපු ජනාධිපතිගේ එම කතාවට පාඨලී ඇමතිවරයා සිනහවෙන්ම පිළිතුරු දී "එහෙනම් තියන්නම්" කියූ බවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න