"උයා මොකටද එහේ ගියේ" රනිල් බේරන මෙහෙයුමට ගියාට චතුරට මළ පැනලා

"උයා මොකටද එහේ ගියේ" රනිල් බේරන මෙහෙයුමට ගියාට චතුරට මළ පැනලා

ඊයේ (12) රාත්‍රියේ මංගල සමරවීර අමාත්‍යවරයාගේ නිවසේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ රැකගැනීමේ විශේෂ සාකච්ඡාවක් පැවත්වා ඇති අතර, මේ අවස්ථාවට අමාත්‍ය මංගල සමරවීර සමඟ රාජිත සේනාරත්න සහ මලික් සමරවික්‍රම යන අමාත්‍යවරුන්ද එක්ව සිට ඇත.

පවතින දේශපාලන වාතාවරණය හමුවේ අග්‍රාමාත්‍යවරයා ආරක්ෂා කිරීම වෙනුවෙන් වන වැදගත් තීන්දු තීරණ කිහිපයක් ගනුලැබූ එම සාකච්ඡාව අවසානයේ රාජිත සේනාරත්න අමාත්‍යවරයා නිවසට ගොස් ඇති අතර එහිදී චතුර සේනාරත්න මන්ත්‍රීවරයා, "උයා මොකටද තාත්තේ ඕවට යන්නෙ, දන්නෙ නැද්ද එයාට විරුද්ධව දැන් ලොකු රැල්ලක් යනවා. කවුද දැන් එයාව රකින්න කින්නේ.කවුරුත් නෑ. අපි ඕවට පැටලෙන්න ඕන නෑ නේ. උන්න ආයි නම් යන්න එපා. ඇති ඔය" කියලා තියෙන්නේ ටිකක් කේන්තියෙන් වගේ.

කොහොම වුනත් චතුර මන්ත්‍රී පුතාගේ මේ කතාව රාජිත අමාත්‍යවරයා බොහොම සිනාමුසු මුහුණින් "දැන් රෑ වෙලා, ඔයා ගිහින් නිදාගන්න. හෙට උදේ කතා කරමු" පිළිතුරු දුන් බවයි newstube.lk ගොසිප් වෙත දැනගන්න ලැබුණේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න