නොහඳුනන පුද්ගලයකුට ඇප අත්සන් කිරීම සඳහා මුදල් ලබා ගැනීම, ව්‍යාජ ලේඛන අධිකරණයට ඉදිරිපත් කිරීම සහ ඊට ආධාර අනුබලදීම චෝදනාවන්ට දීර්ඝ නඩු විභාගයකින් පසුව වරදකරුවන් කළ අලුත් කඩේ අධිකරණයට සංකීර්ණයට යාබද සාංචි ආරච්චිවත්වී පදිංචි හුසේන් මෝහොමඩ් සහ හසිස් මොහොමඩ් විත්තිකරුවන්ට මෙම සිර දඬුවම නියම කළේ ය.
විත්තිකරුවන් විසින් ව්‍යාජ දිවුරුම් පෙත්සමක් අධිකරණයට ඉදිරිපත් කරමින් ඇප අත්සන් කිරීමට සූදානම් වන බවට රෙජිස්ටාර්වරයා කළ කළ පැමිණිල්ලක් අනුව කොළඹ වංචා විමර්ශන කාර්යාංශය මගින් මෙම නඩුව පවරා තිබිණි.
විත්තිකරුවන් වෙනුවෙන් කිසිදු නීතිඥවරයකු අධිකරණයේ පෙනී නොසිටි අතර විත්තිකරුවන් විත්ති කූඩුවේ සිට තමන්ට සාධාරණයක් ඉටු කරන ලෙස ඉල්ලා සිටියේ ය.
පළමු විත්තිකරුට කුඩා දරුවකු සිටින බැවින් ඒ පිළිබඳ සලකා බලන ලෙස ද පැවසීය.
පැමිණිල්ල මෙහෙය වූ වංචාව විමර්ශන කාර්යාංශයේ පොලිස් කොස්තාපල්වරුන් වන (41056) කුමාරසිරි සහ (91869) මදුෂාන් නිලධාරීන් අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ කූට ලේඛන ඉදිරිපත් කරමින් මුදලට ඇප තැබීමට ඉදිරිපත් වන පුද්ගලයින්ට උපරිම දඬුවම් ලබාදිය යුතු බවය. මුදලට ඇප තැබීමට ඉදිරිපත් වන පුද්ගලයින් සිටින බැවින් සමාජයට ආදර්ශයක් වන පරිදි උපරිම දඬුවම් ලබා දෙන ලෙසද ඉල්ලා සිටියේ ය. සැකකරුවන්ට නඩු පවරා දීර්ඝ නඩු විභාගයකින් පසුව වරදකරුවන් කර ඇති බව ද පැවසී ය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන්ට වසර දෙකක බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කළේ ය. සැකකරුවන් මාස හයක් රක්ෂිත බන්ධනාගාර ගතව සිට ඇති බවට නිරීක්ෂණය කළ මහේස්ත්‍රාත්වරයා එම කාලයේ සිර දඬුවමින් අඩු කරන ලෙසට ද නියෝග කළේ ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
