භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පිටරට පටවන ව්‍යාජ සමාගම් 36ක් පිහිටවූ මහා ජාවාරම්කරුවෙකු යැයි සැක කරන ජෙෆ්රි මොහොමඩ් සමග එක්ව ඇමරිකන් ඩොලර් මිලියන 1000 ක් විදේශගත කර රජයට පාඩු කළේ යැයි කියන සිද්ධියට අදාලව මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගත් මෙරට ප්‍රධාන පෙළේ වාණිජ බැංකු හතරක කළමනාකරුවෙකු ඇතුලු නිලධාරීන් සිව් දෙනා ලබන 3 වැනිදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්.බෝදරගම අද (20) නියෝග කළේ ය.
තවද මෙම සිද්ධියට අදාළ බැංකු නිලධාරීන් සම්බන්ධයෙන් අදාළ අණ පනත් ප්‍රකාරව සාක්ෂි සම්පිණ්ඩන වර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයට නියෝග කළේ ය.
මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කළේ: අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය මගින් අත්ඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සෙලන් බැංකුවේ බම්බලපිටිය ශාඛාවේ කළමනාකාර ශිරාන් මරියෝ පෙරේරා, සම්පත් බැංකුවේ උමේෂ් රන්දික ප්‍රනාන්දු, යූනියන් බැංකුවේ ධර්ම ලිංගම් ප්‍රනාන්දු, සහ නේෂන් ට්‍රස්ට් බැංකුවේ අමිල උදාර සැකකරුවන් ය.
සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළේ මෙම නඩුවේ ප්‍රධාන සැකකාර ජෙප්රි මොහොමඩ් නමැති අය විසින් පුද්ගලයින් අට දෙනෙකු ගේ නම් භාවිත කර ස්ථාපිත කළ ව්‍යාජ සමාගම් 36 හරහා අවස්ථා 199කදී (ටෙලි ග්‍රැෆික් ට්‍රාන්සර්) ඇමරිකන් ඩොලර් බිලියන එකකට අධික මුදලක් විදේශගත කර බැංකුවට හා රජයට පාඩු කිරීම ඇතුළු චෝදනා යටතේ ය.
සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් නීතිපතිවරයා සඳහන් කර සිටියේ මෙය මෙරට මහා මූල්‍යමය අපරාධයක කොටස්කරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන අවස්ථාවක් බව යි. තමන් සේවය කරන බැංකුවේ විශ්වාසය කඩ කරමින් රටට මහා පරිමාණ වංචාවක් සිදු කර ඇති සැකකරුවන් සම්බන්ධයෙන් සංකීර්ණ හා සංවේදී පරීක්ෂණයක් සිදුවන බැවින් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ද ඉල්ලා සිටියේ ය. තවද මෙම බැංකු නිලධාරීන් සිව්දෙනා සිද්ධියට අදාළ පළමුවන සැකකරුගෙන් අල්ලස් මුදලක් ඉල්ලා ඇති බවට කරුණු අනාවරණය වන බැවින් ඒ සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට අල්ලස් කොමිසමට බාර දීමට කටයුතු කරන බවද විමර්ශන නිලධාරීන් අධිකරණයට දැන්වූයේ ය.
මෙම සිද්ධියට අදාලව තවත් සැකකරුවන් සම්බන්ධ බවත් ඔවුන් සම්බන්ධයෙන් විමර්ශනය කරන බවද විමර්ශන නිලධාරීන් අධිකරණයට කරුණු දැක්වූ යේ ය. මෙම සිද්ධියට අදාල පළමුවෙනි සැකකරුට මත්ද්‍රව්‍ය පනත යටතේ සහ මුදල් විශුද්ධිකරණය පනත යටතේ කොළඹ මහාධිකරණයේ අධි චෝදනා ගොනු කිරීමට කටයුතු කරන බවත්, එම සැකකරු විසින් ලක්ෂ 65කට අධික මුදලක් මත්ද්‍රව්‍ය ජවාරම් ඔස්සේ උපයා ගෙන බැංකු ගත කර ඇති බව විමර්ශන නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ ය.
Investment impact pvt යන නමින් මෙම ආයතනය පවත්වාගෙන යමින් පලමු වැනි සැකකරු මෙලෙස මුදල් වංචා කර ඇති බවත්, මත්ද්‍රව්‍ය ජවාරම් කිරීමේ සිද්ධියට අදාලව මෙම සැකකරුව එරෙහිව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 2 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව දැන්වූයේ ය.
සැකකරුවන් ගනුදෙනු කර ඇත්තේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමක කොටස්කරුවකු වන ජප්‍රී මොහොමඩ් නමැති අධි චෝදනා ලැබූවකු සමග බව ද, එම ජාවාරම්කරු සමග සම්බන්ධ වී ඇති සැකකරුවන් සෑම සිකුරාදා දිනකම එම ජාවාරම්කරු හමු වී , ප්‍රතිලාභ ලබාගැනීම හා පුද්ගලික ගිණුම් විවෘත කර ලක්ෂ තුන බැගින් මුදල් තැන්පත් කරගෙන ඇති බැවින් අයතා මුදල් ඉපැයීම සම්බන්ධයෙන්ද විමර්ශන සිදු කරන බවත් පවසා සිටියේ ය.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් අධිකරණයට කරුණු දැක්වූ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මෙලෙස පවසා සිටියේ ය.
"ස්වාමිනි ඇමෙරිකන් ඩොලර් බිලියන 190ක් මෙරටින් බැහැර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමේදී මෙම මහා ජාවාරම අනාවරණය වුණා. මේ නඩුවේ පළවෙනි සැකකරු තමයි ජෙෆ්රි මොහොමඩ් ඔහු සමාගම් 36ක් පිහිටවනවා. ඔක්කොම ව්‍යාජ සමාගම්. මේ සමාගම් වල හිමිකරුයි ලේකම්වරයා ලෙස කටයුතු කරල තියෙන්නෙ පුද්ගලයින් අට දෙනෙක්. අද අධිකරණයට ඉදිරිපත් කරන මෙම සැකකරුවන් මෙම ජෙප්රි මොහොමඩ් සමග කටයුතු කරලා තියෙනවා. ඩොලර් පිටරට යවන්න ඉල්ලුම්පත් පුරවලා තිබෙන්නේ මෙම බැංකු නිලධාරීන්. සමාගම් හිමිකරුවකු හෝ ලේකම්වරයෙකු බැංකුවට ඇවිත් නැහැ. මෙරට මුදල් විදේශ රටවලට යැවීම, 235 රේගු පනත අනුව සහ ව්‍යාජ ලේඛන ඉදිරිපත් කිරීම මත පලමු සැකකරු අත්අඩංගුවට ගත් බවත් පලමු සැකකරුට ආධාර අනුබල දීම මත අනෙක් සැකකරුවන් අත්අඩංගුවට ගත්තා. තව ද ස්වාමීනි පළමු සැකකරුගෙන් 8/24 සිට 9/2 දක්වා ප්‍රකාශ සටහන් ලබා ගැනීමට අවසර ඉල්ලා සිටිනවා. තවද අමිල උදාර යන ( ntb ) සැකකරු සම්බන්ධයෙන් එම බැංකුවේ කළමනාකරුගෙන් ලබාගන්නා ලද ප්‍රකාශ අනුව ඔහු මෙම විමර්ශනයට අදාළ සමාගම් හයයට අමතරව තවත් සමාගම් දෙකක් පවත්වාගෙන ගිහින් තිබෙනවා. ස්වාමීනි මෙම සිද්ධියට අදාළ බැංකු නිලධාරීන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමට 8/24 සිට 9/2 දක්වා අවසර ලබාදෙන්න.
මහේස්ත්‍රාත්වරයා: මෙම සිද්ධියට අදාළව සමාගම් 89 සම්බන්ධයෙන් විවාර්ථාවල සඳහන් කරා එහි බැංකු ගිණුම් දොළහක් සම්බන්ධයෙන්. ඊට අදාළ අධ්‍යක්ෂක ලේකම්වරුන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගත්තාද?
විමර්ශන නිලධාරින්: ස්වාමීනි මෙම සිද්ධියේ පළමු වැනි සැකකරුට පමණක් සමාගම් 39ක් අයත් අනිත් සමාගම් සම්බන්ධයෙන් විමර්ශනය කරනවා.
සැකකරුවන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතීඥ මණ්ඩලය අධිකරණයට කරුණු දක්වමින් සිය සේවාදායකයින්ට ඕනෑම කොන්දේසියක් යටතේ ඇප ලබාදෙන ලෙස ඉල්ලා සිටියේ ය.
මහේස්ත්‍රාත්වරයා: මෙම සිද්ධියට අදාළව පළමු සැකකරුගේ ඇප ප්‍රතික්ෂේප වෙලා තිබෙනවා. මීට පෙර ද ලිඛිත ඇප ඉල්ලීමක් කර තිබෙනවා. තව ද අනෙක් සැකකරුවන් සිව් දෙනාට ද ඇප ලබාදීම ප්‍රතික්ෂේප කරනවා. මොවුන් බැංකු නිලධාරීන් බැවින් මෙම විමර්ශනයට බාධා විය හැකි යි. බැංකුවෙන් ඉවත්ව සිටියත් ගනුදෙනුකරුවන් හඳුනන නිසා ඒ විමර්ශනයට බාධාවක්. සිද්ධියට අදාළව මුදල් ප්‍රේෂණය වීම සම්බන්ධයෙන් අදාල බැංකුවල ඉහළ නිලධාරීන් සම්බන්ධතාවක් තිබේ ද ඒ සම්බන්ධයෙන් බැංකුව ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවා ද යන්න සම්බන්ධයෙන් විමර්ශනය කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසත් තවත් සැකකරුවන් සම්බන්ධයි නම් අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරිපත් කරන ලෙසත් නියෝග කරනවා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් ලබන 3 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළේ ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
