Image

මෙරට සෞඛ්‍ය පද්ධතියට "Colombo 75 Medics" සංගමයෙන් රුපියල් මිලියන 1.7 ක ICU මොනිටර් පරිත්‍යාගයක්!

මෙරට සෞඛ්‍ය පද්ධතියට "Colombo 75 Medics" සංගමයෙන් රුපියල් මිලියන 1.7 ක ICU මොනිටර් පරිත්‍යාගයක්!

"දිට්වා" (Ditwa) හදිසි ආපදා තත්ත්වය හමුවේ පීඩාවට පත් ජනතාවට ලබාදෙන සෞඛ්‍ය සේවා කාර්යක්ෂම සඳහා සංගමය විසින් වෙන් කර තිබූ ප්‍රතිපාදන උපයෝගී කරගනිමින් මෙම වෛද්‍ය උපකරණ තොඟය ලබාදීමට පියවර ගෙන ඇත. ඒ අනුව එම සංගමයේ සභාපති මහාචාර්ය හරේන්ද්‍ර ද සිල්වා මහතා විසින් මෙම උපකරණ තොගය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත අමාත්‍යාංශ පරිශ්‍රයේදී නිල වශයෙන් භාරදෙන ලදී.

කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ 1975 කණ්ඩායමේ වෛද්‍යවරුන් 120 කගේ පමණ සාමාජිකත්වයකින් සැදුම්ලත් "Colombo 75 Medics" සංගමය පසුගිය කාලය පුරා ජන සුභසාධන වැඩපිළිවෙල රැසක් ක්‍රියාත්මක කළ බව ද එම සංගමයේ සභාපතිවරයා විසින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා දැනුවත් කරන ලදි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා  "Colombo 75 Medics" සංගමය සිදු කළ ප්‍රදානය සහ සිදු කරන ලද සමාජ සත්කාර සේවා මෙහිදී ඇගයීමට ලක් කරන ලදි.

රෝහල් පද්ධතියේ දැඩි සත්කාර සේවා ශක්තිමත් කිරීම වෙනුවෙන් උපකාරී වන මෙම අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ ප්‍රදානය කිරීමේ අවස්ථාවට "Colombo 75 Medics" සංගමයේ භාණ්ඩාගාරික පුෂ්පකාන්ති කුමාරගේ සහ සංගමයේ සාමාජික, කාසල් වීදියේ කාන්තා රෝහලේ හිටපු අධ්‍යක්ෂවරියක වන වෛද්‍ය රාණි ප්‍රනාන්දු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

දීප්ති විජේතුංග 

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය මාධ්‍ය ලේකම්          

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න