ඇමති සුසිල් මහින්ද සෙවණේ : මහින්ද නඩය ජනපති මැදුරේ

ඇමති සුසිල් මහින්ද සෙවණේ : මහින්ද නඩය ජනපති මැදුරේ
 
 හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මුණගැසීම සඳහා විජේරාමේ පිහිටි නිල නිවසට පැමිණි අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, තම පාර්ශවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එම ධූරයෙන් ඉවත්කර ආණ්ඩුවක් බිහිකිරීම සඳහා සුදානම් බව දැනුම්දුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර සඳහන් කරයි.
 
අද (16) පෙරවරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මුණගැසීම සඳහා විජේරාමේ පිහිටි නිල නිවසට ගොස් තිබිණ.
 
මහින්දගෙන් උපදෙස් 
 
මේ අතර ඒකාබද්ධ විපක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කර සිටින්නේ  ඉදිරියේදී ශ්‍රීලනිප ආණ්ඩුවක් පිහිටුවනවා නම් එහිදී කටයුතු කලයුතු ආකාරය සම්බන්ධව කරුණු කාරණා රැසක් හිටපු ජනාධිපතිවරයා විසින් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත වෙත පැහැදිළි කරදුන් බවත් ඒ කරුණු අමාත්‍යවරයා සාවදානව අසාසිටි බවත් ය.  
 
එම  ආරංචිමාර්ග වැඩිදුරටත්  සඳහන් කර සිටින ආකාරයට ශ්‍රීලනිප ආණ්ඩුවේ කිසිඳු තනතුරක් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ශව ලබා නොගන්නා අතර එහෙත් ආණ්ඩුව පවත්වාගෙන යාම වෙනුවෙන් සහය පමණක් ලබාදීමට එකඟතාව පළකර ඇත.
 
එසේම රාජපක්ෂ පවුලට සහ හිටපු ආණ්ඩුවේ ප්‍රබලයින් කිහිපදෙනෙකුට සම්බන්ධ නඩු කටයුතු කිහිපයක් සම්බන්ධවද මෙහිදී සාකච්ඡා සිදුව ඇති බවත් ඊට අදාළ එකඟතාව ජනාධිපතිවරයා වෙතින් ලැබේ නම් 2020 දක්වා කිසිඳු ගැටලුවකින් තොරව ශ්‍රීලනිප ආණ්ඩුව පවත්වා ගෙන යාමට තම සහය පලකරන බවට ඒකාබද්ධ විපක්ෂය දැනුම්දී ඇති බවද වාර්තා වෙයි.
 
මහින්ද පාර්ශවය - ජනාධිපති සාකච්ඡා
 
එසේම මේ අතර ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයින් පිරිසක් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මුණගැසීම සඳහා පැමිණ සිටින බවද වාර්තා වෙයි.
 
එහිදී යෝජිත ශ්‍රීලනිප ආණ්ඩුව පළිබඳ ඒකාබද්ධ විපක්ෂයේ ස්ථාවරයත් ඊට අදාළ ජනාධිපතිගේ ස්ථාවරත්වයත් පිළිබඳ තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වෙනු ඇති බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කර සිටියි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න