විනිසුරු දොරටුවෙන් රාජපක්ෂලා ශ්‍රේෂ්ඨාධිකරණයට !

විනිසුරු දොරටුවෙන් රාජපක්ෂලා ශ්‍රේෂ්ඨාධිකරණයට !

රාජපක්ෂ පවුලේ ළඟම ඥාතියෙකු නීතිවේදියෙකු ලෙස දිව්රුම් දීමේ අවස්ථාවක් අද (16) ශ්‍රේෂ්ඨාධිකරණයේ දී පැවැත්වීමට නියමිතව තිබූ බවත් එම අවස්ථාවට සහභාගී වීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ වෙත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ඇතුලු වන දොරටුවෙන් ඇතුළට ඒමට අවස්ථාව සැළසීමේ සුදානමක් ඇති බව වාර්තා වෙයි.

වාර්තා වන ආකාරයට ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රර්වරිය විසින් මෙම අවස්ථාව ලබාදී ඇති අතර මීට පෙර රාජපක්ෂ පාලන සමයේදීද නාමල් රාජපක්ෂ නීතිවේදියෙකු ලෙස දිවුරුම් දෙනුලැබූ අවස්ථාවේද මේ ආකාරයට කටයුතු කර ඇත.

අධිකරණ ආරංචිමාර්ග පෙන්වා දෙන ආකාරයට මෙම දොරටුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් හැර වෙන කිසිවෙකු ඇතුළු වන්නේ හෝ පිටවන්නේ හෝ නැත. ඒ අනුව අධිකරණ පද්ධතිය නියෝජනය කරන අභියාචනාධිකරණ, මහාධිකරණ, දිසා යන කිසිඳු විනිසුරුවරයෙකු වෙත වුවද ශ්‍රේෂ්ඨාධිකරණ භූමියට ඇතුළු වන විට මෙම දොරටුවෙන් ඇතුළු වන්න අවස්ථාවක් නොමැතිවා පමණක් නොව ජනාධිපතිවරයා හෝ අග්‍රාමාත්‍යවරයාට වත් එම අවස්ථාව අහිමිය.

ශ්‍රේෂ්ඨාධිකරණයේ උත්තරීතරභාවය ආරක්ෂා කිරීම සඳහා මෙම සම්ප්‍රදාය ඇතිකර තිබෙන බවත් එවැනි පසුබිමක මේ ආකාරයට හිටපු ජනාධිපතිවරයාට සහ ඔහුගේ ඥාතීන් වෙනුවෙන් මෙම සම්ප්‍රදාය කඩකිරීම ප්‍රශ්නකාරී තත්වයක් බවද අධිකරණ ආරංචිමාර්ග සඳහන් කර සිටියි.

ශ්‍රේෂ්ඨාධිකරණය මේ ආකාරයට රාජපක්ෂවරුන් වෙනුවෙන් විශේෂ සැළකිල්ලක් දැක්වීම තුළ අධිකරණයේ ස්වාධීනත්වය සහ අපක්ෂපාතීත්වය පිළිබඳ ජනතාව තුළ වැරදි අදහසක් නිර්මාණය වන බවත් ඒ හේතුවෙන් මෙය වළක්වාලීමට වගකිවයුතු පාර්ශව කටයුතු කලයුතු බවද එම ආරංචිමාර්ග සඳහන් කර සිටියි.

මේ පිළිබඳ විමසීම සඳහා අප ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ටාර්වරිය සම්බන්ධ කර ගැනීමට උත්සාහ කල නමුත් එය සාර්ථක වුයේ නැත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න