ශ්‍රීලනිපය පොරොන්දු කඩලා : ඒකාබද්ධය කනස්සල්ලෙන් !

ශ්‍රීලනිපය පොරොන්දු කඩලා : ඒකාබද්ධය කනස්සල්ලෙන් !

ශ්‍රීලනිපය මූලික කරගත් නව සන්ධාන ආණ්ඩුවක් සදහා තම සහයෝගය අවශ්‍ය වන්නේ නම් ඉටු කල යුතු මූලික කොන්දේසිය මේ වන තෙක් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය විසින් ඉටු කර නැති බවට ඒකාබද්ද විපක්‍ෂය චෝදනා කරයි.

තම සහයෝගය ලබා දීමට පෙර එක්සත් ජාතික පක්‍ෂය සමග අත්සන් කර ඇති අවබෝධතා ගිවිසුම අවසන් බවට පාර්ලිමේන්තුවේ කතානායකවරයාට සන්ධානයේ මහ ලේකම්වරයා විසින් ලිඛිතව දන්වන ලෙස ඒකාබද්ද විපක්‍ෂය විසින් ඉල්ලා තිබින.

නමුත් එම ඉල්ලීම මේ වන තෙක් ඉටු වී නැති නිසා තවදුරටත් ජාතික ආණ්ඩුව ක්‍රියාත්මක වන තත්වයක් මත සන්ධාන තනි ආණ්ඩුවක් ගැන සාකච්ජා කිරීම ගැන සැක සහිත යයිද ඔවුන් පෙන්වා දෙති.

දුමින්දගේ අත්සන ගන්නවත් බැරිවෙලා !

එසේම නිමල් සිරිපාල ද සිල්වා මහතා අගමැති කරවීමට එක්සත් ජාතික පක්ෂයෙන් පසුගිය මහ මැතිවරණයට තරඟ කර ජයගත් මන්ත්‍රීවරුන් 27කගේ අත්සන් ලැබී ඇතැයි ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් ඊයේ රාත්‍රී සිට ප්‍රකාශකර ඇතත් එය තහවුරු කිරීමට මේවනතෙක් අසමත්වීම ද ඒකාබද්ධයේ මන්ත්‍රීවරුන්ගේ කනස්සල්ලට හේතුවී ඇත.

එසේ සහය දක්වන බවට ප්‍රකාශ වූ එජාප මැති ඇමතිවරු කිහිප දෙනෙකුම අද දිනයේ අගමැති හමුවී තමන් එවැනි ද්‍රෝහිකමක් නොකරන බවට සහතික වී තිබේ.

අඩුම තරමින් නිමල් සිරිපාල ද සිල්වා මහතා අගමැති කරවීමට ශ්‍රීලනිප මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ඇතුළු 10කට වැඩි පිරිසකගේ සහය ලබා ගැනීමට ඒ වෙනුවෙන් වෙහෙසෙන කණ්ඩායම අසමත්ව ඇත.

කිසිම හේතුවක් හෝ කුමන බලපෑමක් යටතේ වුවත් 2015 ජනවාරි 08 ජනවරමට පිටුපාන තීන්දුවක් නොගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අවධාරණය කර සිටියි.

ඒකාබද්ධය බළල් අතක් කරගෙන !

පවතින අර්බුදය සම්බන්ධයෙන් 'නිව්ස් ටියුබ්' වෙත අදහස් දැක්වූ ඒකාබද්ධ විපක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයකු පැවසුයේ, අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට බලපෑම් කර ඉල්ලා අස්වීමේ ලිපිය ලබා ගැනීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඒකාබද්ධ විපක්ෂය 'බලල් අතක්' කර ගැනීමට සැරසෙන්නේ දැයි බරපතල සැකයක් මතුව ඇති බවයි.

රනිල් වික්‍රමසිංහ මහතා ඉවත්කොට කරු ජයසුරිය මහතා අගමැති කරවීම ජනාධිපතිවරයාගේ අපේක්ෂාව වී ඇතැයි දේශපාලන ආරංචිමාර්ග පවසයි.

කරුගේ ස්ථාවරය මෙන්න :

IMG 0356

එජාපය ගන්නා ලද තීන්දුවක් අනුව මිස අගමැති ධූරය භාර නොගන්නා බව කතානායක පවසයි - රාවය

 ජනාධිපතිවරයාගේ නියෝජිතයින් කිහිප දෙනෙකු මෙන්ම එජාප මන්ත්‍රීවරුන් පිරිසක් ද පසුගිය දින කිහිපයෙහි කරු ජයසුරිය මහතා හමුවෙමින් හා දුරකතනයෙන් අමතමින් අගමැති ධුරය බාර ගන්නැයි ඉල්ලීම් කර තිබේ.

කෙසේවුවද, එක්සත් ජාතික පක්ෂය විසින් ගන්නා ලද තීන්දුවක් අනුව මිස ජනාධිපතිවරයා විසින් කරන ලද ආරාධනයක් මත අගමැති ධූරය භාර නොගන්නා බව කතානායක කරු ජයසූරිය මහතාගේ ස්ථාවරය වී ඇතැයි දැනගන්නට ඇත.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිහ මහතා එම ධූරයෙන් ඉවත් කර එජාපයේම වෙනත් අයෙකු අග්‍රාමාතත්‍යවරයා වශයෙන් පත්කර ආණ්ඩුව ඉදිරියට ගෙන යායුතු බවට වූ ජනාධිපතිවරයාගේ මතය සම්බන්ධයෙන් විවිධ පුද්ගලයින් කතානායකවරයාගෙන් කරන ලද විමසීම්වලදී ඔහු එම ස්ථාවරය ප්‍රකාශ කර ඇතැයි 'රාවය' පුවත්පත තිබේ.

එජාපයෙන් රනිල් වික්‍රමසිංහ මහතා නොවන වෙනත් අමාත්‍යවරයෙකු පත්කිරිමේදී ඒ සඳහා මුලින්ම ජනාධිපතිවරයාගෙන් පාර්ශවයෙන් යෝජනා වූ නම් අතර කතානායක කරු ජයසූරිය මහතාගේ නම කියැවුණි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න