ඉරාන නාවික හමුදාවට අයත් නෞකා 03 ක් කොළඹ වරායට

ඉරාන නාවික හමුදාවට අයත් නෞකා 03 ක් කොළඹ වරායට

ඉරාන නාවික හමුදාවට අයත් ‘බයන්ඩර්’, ‘නග්ඩි’ සහ ‘ටොන්බ්’ යන යුද නෞකා ත්‍රිත්වය ඊයේ‍ෙ 16) පුහුණු සහ සුහද සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු විය. එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාවන් පිළිගන්නා ලදී.

නෞකාවන් වරායට පැමිණීමෙන් අනතුරුව ඒවායේ අණදෙන නිලධාරීන් වන කොමාණ්ඩර් බෙනාම් හොසෙයින්පෝ, කොමාණ්ඩර් මෙහ්දි අහමද්පෝ සමානි, කොමාණ්ඩර් මොහොමඩ් බාගර් රහ්නමා යන නිලධාරීන් බටහිර නාවික විධාන මූලස්ථානයේදී විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිරාජ ආටිගල මහතා හමුවිය. එහිදී ඔවුන් සුහද පිළිසඳරක නිරත වූ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිලිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.

නෞකාවන් දිවයිනේ රැදී සිටින කාල සීමාව තුළදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන විවිධ සංස්කෘතික සංදර්ශණ, සුහද ක්‍රීඩා තරඟ ඇතුළු වැඩසටහන් රාශියක් සඳහා නැව් මුළු සහභාගී වීමට නියමිතව ඇත. සිව් දින නිල සංචාරය නිමා කරමින් එම නෞකාවන් එළබෙන පෙබරවාරි මස 19 වන දින දිවයිනෙන් පිටත්වීමට නියමිතය.

5 1

9 1

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න