ආසාදිතයින් 452 ක් දක්වා ඉහළට : නීතිපති දෙපාර්තමේන්තුව 27 විවෘතයි !

ආසාදිතයින් 452 ක් දක්වා ඉහළට  : නීතිපති දෙපාර්තමේන්තුව 27 විවෘතයි !

ඊයේ (25) මධ්‍යම රාත්‍රිය වන විට මෙරට කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ රෝගීන් සංඛ්‍යාව 452ක් දක්වා ඉහළ ගොස් තිබිණ.

සෞඛ්‍ය  අමාත්‍යාංශ නිල වාර්තා අනුව ආසාදිතයින් 1118ක් සුවවී පිටව ගොස් ඇති නමුත් මේ  වන විට වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන  රෝගීන් සංඛ්‍යාව 307 දක්වා ඉහළ ගොස් ඇත.

කෙසේ වුවත්  මෙරට තවමත් මරණ වාර්තා වන්නේ නිල  සංඛ්‍යා  දත්ත අනුව 7කි.

නීතිපති දෙපාර්තමේන්තුව 27 විවෘත වෙයි !

මේ අතර  පසුගියදා වසා දැමීමට කටයුතු කෙරුනු නීති පති කාර්යාලය එළැඹෙන සඳුදා (27) විවෘත කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා ඊයේ  (25) අවසර ලබාදුන් බව නීතිපතිවරයාගේ සම්බන්ධිකරණ නිලධාරිනි රජයේ අධි නීතිඥ නිශාරා ජයරත්න ප්‍රකාශ කර සිටියි.

මිට සතියකට පමණ ඉහතදී කොරෝනා වෛරසය ආසාධිත වූ පුද්ගලික ආරක්ෂක අංශයකට අනියුක්ත සේවිකාවක් හේතුවෙන් නීතිපති දෙපාර්තමේන්තුව තාවකාලිකව වසා දැමීමට පියවර ගනු ලැබිණ.

 ඒ එම දෙපාර්තමේන්තුවේ ආරක්ෂාව භාරව සිටි අදාළ පුද්ගලික ආරක්ෂක අංශයේ සේවකයින් එම සේවිකාවගේ නිවසින් ආහාර ලබා ගැනීම හේතුවෙනි.

නාවික හමුදා තූර්යවාදන කණ්ඩායම සිංදු කිව්වේ ගම්පහ !

එසේ ම මේ වන විට වැලිසර නාවික හමුදා කදවුර කේන්ද්‍ර කර ගනිමින් කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තවීමක් සිදුවේද යන්න කෙරෙහි රටේ මෙන්ම සෞඛ්‍ය බලධාරීන්ගේ ද  විශේෂ අවධානයක් යොමු ව ඇත.

මේ වන විට දිස්ත්‍රික්ක රැසක නිවාඩු ගිය  නාවික හමුදා සෙබළුන්ගේ නිවැසියන් සහ සමීපතමයින් නිරෝධායන සඳහා යොමු කිරීමට දිස්ත්‍රික්   වෛද්‍ය නිලධාරීන් සහ සෞඛ්‍ය ක්‍රියාකාරීන් කටයුතු කරමින් සිටී.

මෙහි දී ගම්පහ ශ්‍රී බෝධි පාර සණස නිවාස සංකීර්ණය ආශ්‍රිතව වෙසෙන ජනතාවගේ දත්ත  එක් කිරීමට ගම්පහ සෞඛ්‍ය බලධාරීන් කටයුතු කර ඇත.

එම නිවාස සංකීර්ණය අසල පසුගිය දා  කොවිඩ්  ආතතිය පහ කිරීම වෙනුවෙන්   පවත්වනු ලැබූ සංගීත සංදර්ශනය ට සහභාගි වූ නාවික හමුදා තූර්ය වාදක කණ්ඩායමේ සාමාජිකයන් දෙදෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු කරගෙන ඇති නිසා ය.

වැලිසර කඳවුරෙන්  තංගල්ලටත් කොවිඩ් ගිහින් !

තව ද පසුගිය  22 වන දා වැලිසර සිට තංගල්ල දක්වා පිටත්වූ නාවික හමුදා සෙබළුන් නිවාඩු ගිය බස් රථයේ සිටි නිලධාරියකු තංගල්ල බස් නැවතුම් පොළේ ඉහළ මාලයේ ඇති ජංගම දුරකථන වෙළඳසැල දෙකකට ගොස් ඇති බවත් එ බැවින්  22-24 කාලය තුළ එම වෙළෙඳසල් වෙත ගිය පිරිස ඉදිරිපත් වී සෞඛ්‍ය උපදෙස් ලබාගන්නා ලෙස තංගල්ල සෞඛ්‍ය බලධාරීන් දන්වා සිටී.

ෆියුචර් කැෆේ කොමියුනිකේෂන් සහ  බෝගහ වත්ත කොමියුනිකේෂන් යන  ස්ථාන සඳහා ඉහත දිනවල එහෙනම් ඉදිරිපත් වන ලෙස දැනුම් දෙන සෞඛ්‍ය බලධාරීන් වැඩි දුරටත් පවසන්නේ විසි දෙවන දා මෙම ස්ථාන වෙත ගිය නාවික හමුදා නිලධාරියාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ බව තහවුරුව ඇති බවත්  එබැවින් අනෙක් අය ප්‍රවේශම් වියයුතු බවත් ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න