Language Switcher

V2025

කොවිඩ් පරීක්ෂණ ප්‍රමාණය ප්‍රමාණවත් නෑ : හෙද වෘත්තීය සමිති වෙතින් චෝදනා !

මෙරට නිරෝධායනයට බර තබා කටයුතු කලද රෝග පරීක්ෂණ වැඩි කර රෝගීන් සොයා ගැනීමට බර තබා කටයුතු කලේ නැති බවට රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය චෝදනා කරයි.

නිවේදනයක් නිකුත් කරමින් හෙද සංගමය  මේ බව සඳහන් කරන අතර ජාත්‍යන්තරව හා රට තුල විවිධ පාර්ශවයන් ගෙනුත් බල කිරීම් මත දැන් පරීක්ෂණ වැඩි කිරීමට කටයුතු කලද , එයද ප්‍රමාණවත් නැති බවත් සඳහන් කර ඇත.

එසේම රට තුල සිටින රෝහීන් ප්‍රමාණය පිලිබඳව දළ නිවැදි තක්සේරුවක් නොමැති බැවින් , සිමාවන් ලිහිල් කිරීම බරපතල තත්වයක් බවත් එහි වැඩිදුරටත් සඳහන් අතර සම්පූර්ණ නිවේදනය පහත දැක්වෙයි.

රෝග පරීක්ෂණ වැඩි නොකර  රෝහීන් සොයා නොගන්නේ නම් ජිවිත හානි වළක්වනු බැහැ ,WHO  අධ්‍යක්ෂක ජනරාල් කියයි .

covid-19 වසංගත  තත්වය පාලනය කිරීම සඳහා  තවමත් කිසිදු රටක් සමත් වී නොමැති බැවින් , කිසිදු රටක් කිසිදු අතපසුවීමක් නොකර පරීක්ෂණ කිරීමේ සීග්‍රතාවය  උපරිම කරමින් සියලු රෝහීන් සොයාගෙන ප්‍රතිකාර කිරීම හා වෙන් කිරීම අත්‍යවශ්‍යම බවත්,  WHO  අධ්‍යක්ෂක ජනරාල් වරයා 2020.04.22 දින ප්‍රකාශ කරයි. මෙහිදී තව දුරටත් ඔහු ප්‍රකාශ කරන්නේ පහත සදහන් කරුණු හේතුවෙන්  මෙය බරපතල අනතුරුදායක තත්වයක් බවයි.

  1. වසංගත  තත්වය උපරිම තත්වකය තිබී යම්  අඩුවීමක් පෙන්නුම් කරද, රටවල නැවත රෝගය හිස ඔසවමින් පවතී .

  2. මෙම වෛරසය තවත් දිගු කාලයක් අප සමග රැදෙනු ඇත ..

  3. සමාජ දුරස්ථබවය , නිරෝධායන ක්‍රියාමාර්ග ,රෝහීන් සොයා ගැනීම , පරීක්ෂණ උපරිම සිදු කිරීම හා ජනතාව බල ගැන්වීම අඛණ්ඩව සිදු කල යුතුය..

  4. කිසිම රටක සෞඛ්‍ය පද්ධතිය මෙම රෝගය පාලනය සඳහා ප්‍රමාණවත් නොමැති බැවින් , ඒවායේ ඇති උනතාවයන්  මගහරවා ගෙන තව දුරටත් ශක්තිමත් කල යුතය .

  5. රෝගතත්වය මැඩ පැවැත්වීමට ගන්නා වූ ක්‍රියාමාර්ග ජනයාගේ අතෘප්තියට හේතු වූවද, යම් ලිහිල් කිරීම් කල යුත්තේ සෞඛ්‍ය ආරක්‍ෂිත , ආරක්‍ෂිත හා   නෟයාකරණ ක්‍රියාමාර්ග ද දැඩි ලෙස අනුගමනය කරමින්ය .

  6. සත්‍ය රෝහීන් ප්‍රමාණය දැනට රටවල් වලින් ප්‍රකාශ කරන ප්‍රමාණය නොවන බවත් ,එය නියම ප්‍රමාණයට වඩා 50/85 ගුණයකින් වැඩිවිය හැකිය.

  7. එසේම මෙම රෝගය සඳහා කිසිදු රටක කිසිදු ජනතාවකට ප්‍රතිශක්තිය තවමත් ඇති වී නොමැති අතර , මෙහි බැරෑරුම් කම බොහෝ රටවල් තවමත් අවබෝධ කරගෙන නොමැත.

  8. රෝගතත්වය ඉදිරියේදී වඩාත් දරුණු විය හැකි බැවින් කිසිදු රටක් හිතුවක්කාර ලෙස කටයුතු නොකළ යුතුයි .  

     මෙම කරුණු දැඩි ලෙස අවධාරණය කරන ඔහු , මෙම ආකාරයට කටයුතු නොකරන රටවල් වල ජිවිත හානිවීම් හා රෝගීන් සංඛ්‍යාව වැඩි වීම වැලැක්වීම නොහැකි වනු ඇති බවත් තවදුරටත් ප්‍රකාශ කරයි.

     අප රටද මේ පිලිබඳව බරපතල ලෙස  සැලකිල්ලට ගත යුතුය. අප නිරෝධායනයට බර තබා කටයුතු කලද රෝග පරීක්ෂණ වැඩි කර රෝගීන් සොයා ගැනීමට බර තබා කටයුතු කලේ නැත .

      ජාත්‍යන්තරව හා රට තුල විවිධ පාර්ශවයන් ගෙනුත් බල කිරීම් මත දැන් පරීක්ෂණ වැඩි කිරීමට කටයුතු කලද , එයද ප්‍රමාණවත් නැත. එසේම රට තුල සිටින රෝහීන් ප්‍රමාණය පිලිබඳව දළ නිවැදි තක්සේරුවක් නොමැති බැවින් , සිමාවන් ලිහිල් කිරීම බරපතල තත්වයකි. 

      මෙවැනි තත්වයකදී මහමැතිවරණයක් වැනි ජනයා ඒකරාශී වන වැඩසටහන් සඳහා කිසිසේත් අනුමැතියක් නොදිය යුතුය. එබැවින් මෙම සියලු කරුණු පිලිබඳව අවබෝධයෙන් රටත්, ජනයාත් ආරක්ෂා කරගැනීමට අවශ්‍ය අයුරින් ආණ්ඩුව කටයුතු කලයුතු බව අවධාරණය කරන්නෙමු.

ස්තූතියි,

මෙයට විශ්වාසී,      

සමන් රත්තප්‍රිය                                         

සභාපති.