ජනසුවය දෙවැනි අදියරෙන් ලක්ෂ තිස් දෙකක රෝහල් උපකරණ පරිත්‍යාගයක් (video )

ජනසුවය දෙවැනි අදියරෙන් ලක්ෂ තිස් දෙකක රෝහල් උපකරණ පරිත්‍යාගයක් (video )
කොරෝනා උවදුරින් ව්‍යසනයට පත් රට, සුවපත් කිරීම අරමුණු කොටගෙන හිටපු විපක්ෂ නායක  සජිත් ප්‍රේමදාස ගේ සංකල්පයක් මත දිවයින පුරා ක්‍රියාත්මක 'ජන සුවය' ව්‍යාපෘතියෙන් සිදුකරන ලද  සමාජ සත්කාර වැඩසටහනෙහි දෙවැනි පියවර ලෙස ලක්ෂ 32ක් වටිනා (Multi para monitor 4ක්) අත්‍යාවශ්‍ය  රෝහල් උපකරණ කට්ටලයක්  හෝමාගම මූලික රෝහල් අධ්‍යක්‍ෂ, විශේෂඥ වෛද්‍ය ජනිත හෙට්ටිආරච්චි වෙත අද (25) පරිත්‍යාග කරනු ලැබීය.
 
මේ හරහා රට පුරා කොරෝනා ව්‍යසනයෙන් පීඩාවට ජනතාවගේ සෞඛ්‍යමය සුරක්ෂිතභාවය ඇති කිරීමට අපේක්ෂා කෙරේ.
 
මීට පෙර මෙහි පළමු අදියර ලෙස රුපියල් ලක්ෂ තිහකට ආසන්න වටිනාකමක් සහිත අත්‍යවශ්‍ය රෝහල් උපකරණ කට්ටලයක් (Syringe Pump 3ක්, Multi para monitor 2ක්) ඔහුගේ මූලිකත්වයෙන් නැගෙනහිර කොළඹ මූලික (මුල්ලේරියාව) රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත කරුණාරත්න වෙත ද පරිත්‍යාග කරනු ලැබීය.
 
කොරෝනා ව්‍යසනය දේශපාලන වාසි සදහා ඇතැමුන් යොදා ගනිමින් සිටින බවත් මේ රටේ ජනතාවගේ නාමයෙන් තමන් ඉල්ලා සිටින්නේ කුමන්ත්‍රණ,සහ යටිකූට්ටුකම්වලින් මිදී ජනතාව උදෙසා කැපවෙන ලෙස බවත් සමගි ජනබලවේගය නායක  සජිත් ප්‍රේමදාස  පවසයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න