Language Switcher

V2025

රෝගීන් 440 යි : නාවික හමුදාවේම නිවාඩු කැන්සල් : රතු ප්‍රදේශවල ඇඳිරි නීතිය දීර්ඝ කරයි !

අද (24) මේ වන විට මෙරට කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ රෝගීන් සංඛ්‍යාව 440 ක් දක්වා ඉහළ ගොස් ඇත.

 අද  දැනට වාර්තා වී ඇති රෝගීන් ප්‍රමාණය 20ක් වන අතර ඉන් පස් දෙනෙකු වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබලුන් බව වසංගත රෝග විද්‍යායතනය පවසයි.
 
නාවික නිවාඩු කැන්සල් !
 
navy 1000px 21 3 20
 
ඒ සමඟ වැලිසර කඳවුරේ කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ සෙබළුන් ප්‍රමාණය 65ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ඒ සමග  නාවික හමුදාවේ ලබා දී තිබූ සියලුම නිවාඩු අවලංගු කිරීමට තීරණය කර ඇති බව නිවේදනය කර ඇත.
 
ඒ අනුව සෙබළුන්ට කඳවුරු වලින් බැහැරට යාමට හැකියාව ලැබෙන්නේ දැනුම් දෙන ලද රාජකාරි සඳහා පමණි.අනෙක් සෑම විටම සෙබළුන් කදවුර  තුළ සිටිය යුතුව ඇත.
 
නාවික හමුදාපති පවසන ලෙස  නැවත දැනුම් දෙන තුරු දෙන තුරු මෙම තත්ත්වය  බල පැවැත්වෙයි 
 
ඇඳිරි නීතිය දීර්ඝ කරයි !
 
මේ අතර කොළඹ , ගම්පහ, කළුතර ,පුත්තලම යන දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය අප්‍රේල්  27 වෙනිදා ඉවත් කිරීමට  පෙර සූදානම් කර තිබුනත් වහාම  ක්‍රියාත්මක වන පරිදි එය මැයි 4 වන දා දක්වා දිර්ඝ කර ඇත.
 
ජනාධිපති මාධ්‍ය අංශය විසින් අද (25) නිකුත් කළ නිවේදනයට අනුව මෙම දිස්ත්‍රික් වල ඇඳිරි නීතිය  ඉවත් කරන්නේ මැයි 4 වන දා පෙරවරු 5.00 ට ය. 
 
එසේම එදින සිට මෙම දිස්ත්‍රික්කවල රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ආයතන වල කටයුතු කරගෙන යාමට හැකි වන පරිදි නීති රීති ලිහිල් කරන බවද අදාළ නිවේදනය සඳහන් කර ඇත.
 
 සෙසු දිස්ත්‍රික්කවල 27 වන දා පෙරවරු 5 ට ඉවත් කෙරෙන ඇඳෙන් නීතිය රාත්‍රි 8.00 ට යළි පැනවෙන බවත්  එම නිවේදනයේ සඳහන් ය.
 
එළියට බැසීම ජාතික හැඳුනුම් පතේ අවසන් අංකය අනුව !
 
මේ අතර ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ  ඇඳිරි නීතිය ඉවත් කොරීමෙන් පසු ව වුව ද  නිවසෙන් බැහැර වීමට අවසර ලැබෙන්නේ ජාතික හැඳුනුම්පත් අංකයෙහි අවසාන ඉලක්කම පදනම් කරගෙන බව ය.
 
ඒ අනුව ජාතික හැඳුනුම් පතෙහි අවසන් අංකය 1,2 නම් සඳුදා , 3,4 නම් අඟහරුවාදා , 5, 6  බදාදා සහ 7.8 බ්‍රහස්පතින්දා සහ 9, 0  සිකුරාදා ලෙස පමණක් ඇති අයට ඒ ඒ දිනවල නිවසින් බැහැර වීමට අවස්ථාව ලැබේ.
 
මේ සම්බන්ධ ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කර ඇති නිවේදනය පහත දැක්වේ.

Screenshot 20200425 183046

Screenshot 20200425 183110