ජා - ඇල කොවිඩ් 19 සුවවූ රෝගියකුට යලිත් කොවිඩ් !

ජා - ඇල  කොවිඩ් 19 සුවවූ රෝගියකුට යලිත්  කොවිඩ් !

ජා-ඇල ප්‍රදේශයේ පුද්ගලයකු කොවිඩ් 19 වෛරසය ආසාදනය වී සුවවූ පසුව යළිත් ආසාදිතයකු බවට පත්ව ඇති බව වාර්තා වෙයි.

ඔහු 67 වියේ පසුවන්නෙකු වන අතර  ඔහුට පළමු වරට කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම සිදුව වාර්තා වී ඇත්තේ  පසුගිය මාර්තු 27ය.

පසුව ඔහු  i.d.h. රෝහලට  ඇතුලත් කර ඇති අතර මාසයක පමණ කාලයක්  රෝහල්  ගතව සිට  සුවය ලබා පිටවගොස් ඇත. ඒ පසුගිය අප්‍රේල් 17ය. 

නිවසට පැමිණීමෙන් පසු දින 14ක ස්වයං නිරෝධායනයට ලක් වෙමින් සිටි මෙම පුද්ගලයා පසුගිය අප්‍රේල් මස 30 වෙනිදා පපුවේ ඇතිවූ වේදනාවක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුලත් වී එහිදී සිදුකළ PCR පරීක්ෂණයකින් තහවුරුවී ඇත්තේ මෙම පුද්ගලයාට යලිත් වරක් කොවිඩ් 19  වෛරසය වැලදී ඇති බවයි.

ඒ අනුව එම රෝගියාව යලිත් වරක් IDH රෝහල වෙත මාරුකර යැවීමට කොළඹ ජාතික රෝහලේ බලධාරීන් පියවර ගෙන ඇත.

මෙම පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත්වීමට එන විට කොවිඩ්  රෝගය වැලදී සුවය ලබා පැමිණි පුද්ගලයෙක් බවත් IDH රෝහලේදී ලබාදුන් රෝග විනිශ්චය ඇතුලත් සියලු වෛද්‍ය වාර්තා ඉදිරිපත් කොට අවශ්‍ය පෙර දැනුම් දීම් සියල්ලම සිදුකර ඇති බවත් වාර්තා වෙයි

කොරෝනා ආසාධනයට ලක්වූ මෙම පුද්ගලයා වකුගඩු සහ දියවැඩියා රෝගයෙන් පෙලෙන බවත් ඔහුට ඉතාලියේ සිට පැමිණි පුද්ගලයෙක් ඇසුරු කිරීමෙන් වෛරසයට ගොදුරුව ඇති බවයි ජා-ඇල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා පවසයි.

අද  රෝගියාගේ නිවසේ සිටින පවුලේ සාමාජිකයින් සිව්දෙනෙක් ද ස්වයං නිරෝධායනයට ලක් කොට ඇති බවයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී අනුර අබේරත්න සඳහන් කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න