පූර්ණ සේවක ආරක්ෂක පහසුකම් සැපයීමකින් තොරව තැපැල් කාර්යාල සේවයට වාර්තා කිරීම තැපැල් සේවකයින් ප්‍රතික්ෂේප කරයි.
ඒකාබද්ධව තැපැල් වෘත්තීය සමිති පෙරමුණ නිවේදනයක් නිකුත්කරමින් ඒ බව සඳහන් කරන අතර සේවකයන්ට අවශ්‍ය කරන විෂබීජ නාශක දුව්‍ය මෙන්ම ඔවුන්ගේ ආරක්ෂාවට අවශ්‍ය දුව්‍ය හා උපකරන සෑහීමකට පත්විය හැකි මට්ටමින් මෙතෙක් සපයා නොමැති බවත් එහි සඳහන් කර ඇත.
සේවකයින්ට මුහුණ දීමට සිදුව ඇති අවදානම් තත්ත්වය සැලකිල්ලට ගනිමින් සියළු තැපැල් මෙහෙයුම් කටයුතු වලින් සහ කවුළු කටයුතු වලින් 2020.05.04 වන දින සිට ඉවත්වීමට මෙම පෙරමුණට අදාල සියළු සංගම් විසින් තීරනය කර ඇති බවත් එහි සඳහන් කර ඇත.
ඒකාබද්ධව තැපැල් වෘත්තීය සමිති පෙරමුණ නිකුත්කළ සම්පූර්ණ නිවේදනය පහත දැක්වෙයි.
රටතුල පැතිර ඇති කොරෝනා වසංගතය හේතුවෙන් දිවයින පුරා තැපැල් කාර්යාල හා උපතැපැල් කාර්යාල පසුගිය මාර්තු මස 14 දින සිට වසා දැමන ලදී.
අනතුරුව වෛරසය ප්‍රබල ලෙස පැතිරී ඇති කොළඹ ,ගම්පහ,කළුතර,පුත්තලම හැර සෙසු දිස්ත්‍රික්ක වල මේ වනවිටත් මෙම තැපැල් කාර්යාල විවෘතකර ඇති අතර ඉහත දිස්ත්‍රික්කවල එළබෙන මැයි 4 දින විවෘත කිරීමට නියමිතව තිබනි.
තැපැල් කාර්යාල මෙලෙස විවෘත කිරීමත් සමග තැපැල් කාර්යාල කවුළු කටවුතු මෙන්ම ලිපි බෙදීමේ කටයුතු ද ආරමිභ කිරීමට නියමිතව ඇත.
දෙපාර්මේන්තුවේ මෙම කටයුතු සදහා 25000කට ආසන්න තැපැල් සේවක පිරිසක් සහභාගී වන අතර කාර්යාල විවෘත කිරීමත් සමග ගණුදෙණු කරුවන්ද විශාල වශයෙන් කාර්යාල වලය පැමිනෙනු ඇත.
මේ වන විටත් සමහර කාර්යාල විෂබීජ හරනයකර නොමැති අතර සේවකයන්ට අවශ්‍ය කරන විෂබීජ නාශක දුව්‍ය මෙන්ම ඔවුන්ගේ ආරක්ෂාවට අවශ්‍ය දුව්‍ය හා උපකරන සෑහීමකට පත්විය හැකි මට්ටමින් මෙතෙක් සපයා නොමැත.මෙවැනි තත්ත්වයක් තුල තැපැල් සේවයේ යෙදෙන සේවකයින.ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් මෙන්ම පොදුවේ මහජන තාවද දැඩි අවදානම් තත්වයකට පත්වනු ඇත.
එමෙන්ම මේ වන විට මෙම වසංගත තත්ත්වය හමුවේ රජයේ සේවා පවත්වා ගෙනයාමේදී අනුගමනය කළ යුතු කරුණු රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් චකලේඛන ලේඛන අංක 1 / 2020 මගින් දන්වා ඇතත් එහි අන්තර් ගත කරුණු වලට අදාලව අවශ්‍යතා සපුරා නොමැත.මෙම තත්ත්වය තුල සේවකයින්ට මුහුණ දීමට සිදුව ඇති අවදානම් තත්ත්වය සැලකිල්ලට ගනිමින් සියළු තැපැල් මෙහෙයුම් කටයුතු වලින් සහ කවුළු කටයුතු වලින් 2020.05.04 වන දින සිට ඉවත්වීමට අප පෙරමුණට අදාල සියළු සංගම් විසින් තීරනය කර ඇත.එසේ වුවත් දැනට සිදුකරන ඖෂද බෙදීම වැනි මානුෂවාදී සේවාවන් තවදුරටත් සිදුකරන බවද දන්වමු.
චින්තක බණ්ඩාර,
කැදවුම්කරු,
එකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ .

