අගමැති විලිලැජ්ජැව වහගන්න : විශ්‍රාමික මන්ත්‍රීවරුන් කැඳවයි !

අගමැති විලිලැජ්ජැව වහගන්න : විශ්‍රාමික මන්ත්‍රීවරුන් කැඳවයි !

මැයි 04 වැනිදා අරලියගහ මන්දිරයේ පැවැත්වීමට කටයුතු යොදා තිබෙන රැස්වීමට විසුරුවාහරින ලද පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 දෙනාටම ආරාධනා කර තිබුනද මේවනවිට සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුතු' සමගි ජන බලවේගය' හා ජනතා විමුක්ති පෙරමුණ සහභාගී නොවන බව ප්‍රකාශ කිරීමත් සමග බරපතල අර්බුදයකට ගොස් ඇති අගමැති මහින්ද රාජපක්ෂ, ඒ අනුව එම රැස්වීමේ සැලැස්ම වෙනස් කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව දැවැන්ත රැස්වීම ශාලාවේ 'පුටු පිරවීම' සඳහා දැනට ජීවත්වන, විසුරුවාහරින පාර්ලිමේන්තුවේ සාමාජිකයන්ව නොසිටි, පෙර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කර ඇති මන්ත්‍රීවරුන් ගණනාවකට මෙම රැස්වීමට පැමිණෙන ලෙස ආරාධනා කරමින් කෙටි පණිවුඩ යොමුකිරීමට අගමැති කාර්යාලය මේවනවිට පියවර ගෙන තිබේ.

විසුරුවාහරින ලද පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 දෙනා ගෙන් 80කට වැඩි මන්ත්‍රීවරුන් පිරිසක් 'සමගි ජන බලවේගය' නියෝජනය කරන අතර ජවිපෙ මන්ත්‍රීවරුන් ගණන 06කි.

ඒ අනුව, විසුරුවාහරින ලද පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් සියයකට ආසන්න පිරිසක් එම පක්ෂ දෙක නියෝජනය කරයි. 

එක්සත් ජාතික පක්ෂය එම රැස්වීමට සහභාගී වන බව ප්‍රකාශ කර ඇතත් දැනට එජාපයේ සාමාජිකත්වය දරණ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිටින්නේ 15කට ආසන්න පිරිසකි. දෙමළ ජාතික සන්ධානය තවමත් තම මතය ප්‍රකාශ කර නැත.

මන්ත්‍රීවරුන් 225 දෙනෙකු සඳහා සූදානම් කළ එම රැස්වීමට අඩු මන්ත්‍රීවරුන් පිරිසක් සහභාගී වුවහොත්, එමගින් ආණ්ඩුව අපහසුතාවයට පත්වීමේ ඉඩක් ඇති නිසා 'විශ්‍රාමික මන්ත්‍රීවරුන් කැඳවීමේ ඉහත පියවර ගෙන ඇත.

(ද ලීඩර් )

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න