රජය කියන 08 වන කොවිඩ් මරණය : හෝමාගම රෝහලෙන් වාර්තා වෙයි

රජය කියන 08 වන කොවිඩ් මරණය : හෝමාගම රෝහලෙන් වාර්තා වෙයි

රජයේ නිල වාර්තා කියන මෙරට  කොවිඩ් 19 වෛරසය ආසාදිත  8 වන මරණය  අද(04) සවස සිදුව ඇත. 

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ  තහවුරු කළ ආකාරයට මිය ගිය තැනැත්තිය වයස අවුරුදු 72ක් වු කාන්තාවක් වන අතර ඇය කුරුණෑගල පොල්පිතගම ප්‍රදේශයේ පදිංචි අයෙකි

 ලංකාවේ කොරෝනා ‍ආසාදිත තත්ත්වයෙන් මිය ගිය පළමු කාන්තාව වන්නේ මෙම කාන්තාව වන අතර ඇය වකුගඩු රෝගයකින් ද    පෙළී ඇතැයි වාර්තා වෙයි.

මියගිය කාන්තාව හෝමාගම රෝ‍‍හලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඇගේ  අවසන් කටයුතු මීට සුළු වේලාවකට පෙර කොටිකාවත්ත සුසාන භූමියේ දී සිදු කර තිබේ.

අද(04) සවස වන විට මෙරට කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ රෝගීන් සංඛ්‍යාව  721 ක් දක්වා ඉහළ‍ ගොස් ඇත.

එසේම වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල් ගතව සිටින ප්‍රමාණය 519කි. සුවය ලැබු සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව ද 194 ක් දක්වා වැඩි වී තිබේ.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න