පාර්ලිමේන්තුව නෑ : ආණ්ඩුව දැනටමත් රුපියල් කෝටි 12000ක ණය අරගෙන !

පාර්ලිමේන්තුව නෑ : ආණ්ඩුව දැනටමත් රුපියල් කෝටි 12000ක ණය අරගෙන !

නීතියෙන් අවසරලත් ප්‍රමාණය ඉක්මවා ආණ්ඩුව කෝටි ගණනින් ණයට ගෙන ඇති බව අනාවරණය වී තිබේ.

ශ්‍රී ලංකාව වැටී සිටින ආර්ථික අර්බුදයේ බරපතල කම දක්වමින් අගනුවර පර්යේෂණ ආයතනයකින් එළිදක්වන ලද අලුත්ම සංඛ්‍යාලේඛන අනුව මේ අවුරුද්දේ ගතවූ හාර මාසය තුල දී  පමණ ඉක්මවා රැගෙන තිබෙන ණය මුදල රුපියල් කෝටි දොළොස් දාහකි.

පසුගිය ඔක්තෝබරයේ දී පාර්ලිමේන්තුව අනුමත කළ අතුරු සම්මත ගිණුම අනුව ජනවාරි-අප්‍රේල් කාලපරිච්ඡේදය සඳහා ණය ලබා ගත හැකි වන්නේ රුපියල් බිලියන 721ක් දක්වා පමණකි.

එහෙත් මේ වනවිට ඩොලර් බිලියන 841 ක් දක්වා දේශීය හා විදේශීය වශයෙන් ශ්‍රී ලංකාව විසින් ණයට ගෙන තිබෙන බව වෙරිටේ රිසර්ච් ආයතනය විසින් පෙන්වා දී ඇත.


96140933 3026844260742612 5489377957052940288 o
එම ආයතනයේ ප්‍රධානියා අවධාරණය කරන පරිදි ණය ලබාගත හැකි සීමාව වෙනස් කිරීමේ බලය ඇත්තේ පාර්ලිමේන්තුවට පමණයි.

“පාර්ලිමේන්තුව ආපසු කැඳවීම සඳහා සලකාබැලිය යුතු බොහෝ හේතු අතරේ, මෙය වඩාත් අත්‍යාවශ්‍ය කාරණය විය හැකියි,” යනුවෙන් වෙරිටේ රිසර්ච් විධායක අධ්‍යක්ෂ ආර්ථික විද්‍යාඥ නිශාන් ද මෙල් සමාජ මාධ්‍ය ඔස්සේ නිකුත් කළ කෙටි පණිවිඩයකින් කියා සිටී.

වසංගතයත් සමග උත්සන්න වී ඇති  ආර්ථිකය කඩාවැටීම ඇතුළු රට මුහුණ පා සිටින ප්‍රශ්න ගණනාවකටම විසඳුම් සෙවිය හැකි වන්නේ පාර්ලිමේන්තුව රැස් කිරීමෙන් පමණක්ම බව දෙමළ ජාතික සන්ධානය ඉකුත් සතියේ අගමැති මහින්ද රාජපක්ෂ හමුවේ ලිඛිතව දැනුම් දී තිබුණි.

ආණ්ඩුව ඉකුත් සිව් මාසය තුල වැඩියෙන්ම ණය ගෙන ඇත්තේ දේශීය වශයෙනි. ඒ භාණ්ඩාගාර බිල්පත්, බැඳුම්කර හා සංවර්ධන බැඳුම්කර නිකුත් කිරීමෙනි. එය රුපියල් බිලියන 742.5ක් වේ.

ඉතිරි මුළු විදේශීය ණය ප්‍රමාණය ලබා දී ඇත්තේ චීනයයි. එය රුපියල් බිලියන 96.4 කි.

වෙරිටේ පර්යේෂණ ආයතනය සිය හෙළිදරව්ව කර ඇත්තේ ණයබරින් ගැලවීම සඳහා රජයේ සේවක වැටුප ප්‍රදානය කරන ලෙස ජනාධිපති ලේකම්වරයා විසින් ඉල්ලීමක් කළ දිනට පසුදාය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න