Language Switcher

V2025

ජනාධිපති ලේකම් :රාජ්‍ය සේවක වැටුප ගන්න යන්නේ බය කරලද - වෘත්තීය සමිති

ජනාධිපති ලේකම් කාර්‍යාලයේ නිල ලිපි  ශීර්ෂය යොදාගෙන ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර විසින්  රාජ්‍ය සේවකයා බියට සහ  බලපෑමකට ලක්වීමට නිරාවරණය  කර ඇති බවට චෝදනා එල්ලවෙමින් තිබේ.
 
ඒ ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර විසින් මැයි මස රාජ්‍ය සේවක වැටුප රජයට පරිත්‍යාග කරන ලෙස ඉල්ලු ඉල්ලීම හමුවේය.
 
එහිදී ඔහු තමන් විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේ සේවකයන් මේ සඳහා මෙහෙයවීමට කටයුතු කළ බව පවසමින් අනිත් රාජ්‍ය ආයතන  ප්‍රධානීන්ට ද  එවැනි මෙහෙයවීමක් සඳහා  ආමන්ත්‍රණය කර ඇති බව පැවසෙයි.
 
ලංකා ගුරු සංයමය අද (07) කළ නිවේදනයකද මේ බව අවධාරණය කර ඇත.
 
ලංකා ගුරු සංගමය මෙම අදාල කොටස ද සිය නිවේදනයේ උපුටා  දක්වා ඇත. ඒ, "‘‘ජනාධිපති කාර්යාලයේ සියලූ දෙනාම ම එසේ ඔබගේ කාර්ය මණ්ඩලය මෙම දායකත්වයට මෙහෙයවීමට කටයුතු කළ හැකි යයි විශ්වාස කරමි.’’ යනුවෙනි.
 
එසේම පළපුරුදු වෘත්තීය සමිති නායකයකු වන ජෝෂප් මෙම නිවේදනයේ සිරස්තලය වෙතින්ද ප්‍රශ්න කර සිටින්නේ  සිටින්නේ "රාජ්‍ය සේවකයන්ගේ මැයි මස වැටුප පරිත්‍යාග කරන ලෙස ජනාධිපති ලේකම්වරයාගේ ඉල්ලීම කෝවිඞ් 19 හමුවේ අතරමඟ ඇණහිටි ගුරු-විදුහල්පති වැටුප් අරගලය ඇතුළු රාජ්‍ය අංශයේ වැටුප් අරගලවලට කරන බලපෑමක් ද?"යනුවෙනි.
 
ලංකා ගුරු සංගමය නිකුත්කළ නිවේදනය පහත දැක්වෙයි.
ලැබෙන ආධාරවලට මොකද කරන්නේ ?

ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේ නිල ලිපි ශීර්ෂය භාවිතා කරමින් පෞද්ගලික ආයාචනයක් ලෙස සියලූම රාජ්‍ය සේවකයින් සහ රාජ්‍ය ආයතන ප‍්‍රධානීන් වෙත යොමු කර ඇති 2020 මැයි 05 දිනැති ලිපියක් මගින් ඉල්ලා ඇත්තේ සියලූම රාජ්‍ය සේවකයන්ගේ මැයි මස වැටුප නොගෙන එම වැටුප රජයේ වියදම් පියවා ගැනීමට පරිත්‍යාග කරන ලෙසයි.

සියලූ රාජ්‍ය සේවකයන්ගේ මැයි මස වැටුප පරිත්‍යාග කිරීමේ ආයාචනයක් යොමු කිරීම මගින්, කෝවිඞ් 19 වසංගත තත්වය හමුවේ නතර කිරීමට සිදු වූ ගුරු-විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කර වැටුප් වැඩි කරීමේ අරගලය, තැපැල්, දුම්රිය, විශ්ව විද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩල හා රාජ්‍ය සේවයේ අනෙකුත් සේවාවන්ගේ වැටුප් අරගල ඉදිරියේ දී මතුවීම වැලැක්වීම සඳහා ගන්නා උපක‍්‍රමයක් ද යන ගැටලූව අප ඉදිරියේ ඇත. පවතින වාතාවරණය තුළ විදේශ ආධාර ලැබෙමින් තිබියදී  සහ ඛනිජ තෙල් මිල ඉතා පහළ මට්ටමක පැවතියදී මෙසේ රාජ්‍ය සේවක වැටුප ඉල්ලා සිටීම රජයට මූල්‍ය අර්බුදයක් ඇති බව රාජ්‍ය සේවකයින්ට මවා පෙන්වීමට දරණ උත්සාහයක් දැයි සැකයක් ද මතු වේ.
මාර්තු - අප්‍රේල් ,

ඉතා අවම වැටුප් ලබමින් දැඩි ජීවන අපහසුතාවලින් පෙළෙන රාජ්‍ය සේවකයාගේ අපේ‍්‍රල් සහ මැයි මස ණය වාරික අය නොකිරීමේ තීරණයක් ගන්නා ලද්දේ කෝවිඞ් 19 වසංගත තත්වය හමුවේ රාජ්‍ය සේවකයා මුහුණු දෙන ආර්ථික පීඩනයන් අවම කිරීම සඳහාය. එහෙත් එම සහනය අපේ‍්‍රල් වැටුපට අදාළව ගුරු-විදුහල්පතිවරු ඇතුළු රාජ්‍ය සේවකයන් බොහෝ දෙනෙකුට හිමි නොවීය. එම සහනය ලබාදීම හේතු කොටගෙනම රාජ්‍ය සේවකයාට අපේ‍්‍රල් මස ලබාදීමට නියමිතව තිබූ උත්සව අත්තිකාරම් මුදල ද අහිමි කරන ලදී.

ජනාධිපති ලේකම්වරයා උක්ත ලිපියේ ප‍්‍රකාශ කරන පරිදි ගමන් වියදම් ඇතුළු විවිධ වියදම්  නොමැති වුවද රටේ පවතින තත්වය හමුවේ එදිනෙදා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා ගැනීම සඳහා ම ජනතාවට අධික වියදමක් දැරීමට සිදුව ඇත. මෙවැනි තත්වයක් තුළ ජනාධිපති ලේකම්වරයා උක්ත ලිපියෙහි සඳහන් කරන්නේ ‘‘ජනාධිපති කාර්යාලයේ සියලූ දෙනාම මෙම කාර්යයට සහභාගිවීම දිරිගැන්වීමට මා විසින් කටයුතු කරනු ඇත. ඔබටද එසේ ඔබගේ කාර්ය මණ්ඩලය මෙම දායකත්වයට මෙහෙයවීමට කටයුතු කළ හැකි යයි විශ්වාස කරමි.’’ යනුවෙනි. ආයතන ප‍්‍රධානීන් ද අමතා ඇති ජනාධිපති ලේකම් කාර්යාලයේ නිල ලිපි ශීර්ෂයේ සඳහන් මෙම ලිපියේ මේ ආකාරයෙන් සඳහන් කිරීම තුළ නිලධාරීන් රාජ්‍ය සේවකයාට  මේ සඳහා විවිධාකාරයෙන් බලපෑම් කිරීමට ඉඩ ඇත.

රාජ්‍ය සේවකයාගේ දුෂ්කරතා හඳුනාගෙන 07/2020 රාජ්‍ය පරිපාලන චක‍්‍රලේඛය මගින් අවම සහන ලබා දී, අනෙක් අතට ඔවුන්ගේ මැයි මස වැටුප හෝ කොටස් ඉල්ලා සිටීම ගැටලූ සහගත බව ලංකා ගුරු සංගමය විසින් පෙන්වා දෙයි.

මෙයට,

ජෝසප් ස්ටාලින්
ප‍්‍රධාන ලේකම්