ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරය ලැබුවේ සහ ,ජනාධිපති ධුරයට පත් වුයේ ද්විත්ව පුරවැසියකු ලෙස සිටිය දී බව මේවනවිට සනාථ වී ඇතැයි හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසයි.
ඒ අද (09) සිය 'ට්විටර්' ගිනුමේ සටහනක් තබමින් ය.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙරෙහි ජනාධිපතිවරයා දිගින් දිගටම දක්වන අවඥාව මෙමගින් පැහැදිලි වන බවද එම ට්විටර් පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් වේ.
''ද්විත්ව පුරවැසියෙකු ලෙස සිටියදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් ගෝඨාභය රාජපක්ෂ තේරී පත් වූ බව දැන් සනාථ වී ඇත. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙරෙහි ඔහු දිගින් දිගටම දක්වන අවඥාව මෙමගින් පැහැදිලි වේ.''
හිටපු අමාත්‍ය මංගල සමරවීර අද මේ ට්වීටර් සටහන තබා ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තවදුරටත් ඇමරිකා එක්සත් ජනපද පුරවැසියකු නොවන බවට ඇමරිකානුවේ අලුත්ම නිල ලේඛණවලින් ප්‍රකාශයට පත්ව ඇති තත්වයක් තුලය.
එක්සත් ජනපද පුරවැසි භාවය අත් හල පුද්ගලයන්ගේ නම් දක්වමින් එරට දේශීය ආදායම් සේවාව විසින් මැයි 5 දා නිකුත් කරන ලද වාර්තාවේ ගෝඨාභය නන්දසේන රාජපක්ෂ නමද දැක්වේ.
එහි ඇත්තේ 2020 මාර්තු 31 දාන් අවසන් වන කාර්තුව වන විට භාණ්ඩාගාර ලේකම් වරයාට ලැබුණු නම් බව සඳහන් වෙයි.
ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරුණේ පසුගිය වසරේ (2019) අගෝස්තු 11 වනදාය.
මේ සම්බන්ධව සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් ද ප්‍රශ්න කර තිබි.

