ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අති විශේෂ ගැසට් පත්‍රයක් !

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අති විශේෂ ගැසට් පත්‍රයක් !

ශ්‍රේෂ්ඨාධිකරණයට ඇපෑලක් හෙවත් අභියාචනයක් සිදු කිරීමේ නියමිත දින ගණන සලකා බැලීමේදී ඇඳිරි නීතියට අදාල කාලය අදාල කරගත යුතු නැති බව ශ්‍රේෂ්ඨාධිකරණය අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් නිවේදනය කර තිබේ.

ඒ අනුව 2020 මාර්තු මස 16 වන දින සිට ආරම්භව 2020 මැයි මස 18 වන දිනෙන් අවසන් වන කාලසීමාව අභියාචනයක් සිදු කිරීමේ නියමිත දින ගණන ගණනය කිරීමේදී සැලකිල්ලට නොගත යුතුය.

යම් නඩු තීන්දුවක් හෝ නියෝගයක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් කිරීමේ කාලය එම නඩු තීන්දුවේ හෝ නියෝගයේ සිට සති හයක කාලයක් වශයෙන් 1990 ශ්‍රේෂ්ඨාධිකරණ රීතිවල අංක 07 සඳහන් පරිදි ශ්‍රේෂ්ඨාධිකරණයට ඇපෑලක් සිදුකිරීමේ කාලය යම් නියෝගයක් හෝ තීන්දුවක් ප්‍රකාශයට පත්කළ දින සිට සති හයක කාලයකි.

මෙම ශ්‍රේෂ්ඨාධිකරණ රීතිය ප්‍රකාශයට පත්කර ඇත්තේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් විසින් 2020 මැයි 06 දින අංක 2174/04 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රය මගිනි.

(අනිද්දා  )

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න