වරාය සේවක වැටුපටත් තට්ටු කිරීමේ සූදානමක් : වෘත්තීය සමිති විරෝධය පළ කරයි !

 වරාය සේවක වැටුපටත් තට්ටු කිරීමේ සූදානමක් : වෘත්තීය සමිති විරෝධය පළ කරයි !
කොයිඩ් වසංගතය පෙන්වා වරාය සේවක එක්දින වැටුපක් කපා ගැනීමට ගෙන ඇති උත්සාහයට වෘත්තීය සමිති විරෝධය පළ කරයි.
 
මේ සම්බන්ධව සමස්ත ලංකා වරාය පොදු පොදු සේවක සංගමය  ශ්‍රී ලංකා වරාය අධිකාරිය අධිකාරිය සභාපතිවරයාට ලිඛිතව දැනුම් දී ඇති අතර එහිදී 
අංක වඅධි/ප‍්‍ර01/විවිධ/2020 චක‍්‍රලේඛය 2020. 04. 17 දින කළමණාකාර අධ්‍යක්‍ෂතුමා මගින් නිකුත් කර ‘‘#කොරෝනා වසංගතය හේතුවෙන් අසීරුතාවයට පත් ජනතාවට සහන සැලසීම’’ යනුවෙන් දන්වා එය සේවකයන් වෙත ඉදිරිපත්කොට  දිනක වැටුපක් ලබාගැනීමට කටයුතු කිරීම ගැන  පැමිණිලි කර ඇත.
 
අදාල ලිඛිත පැමිණිල්ලෙන් වෘත්තීය  සමිතිය සඳහන් කර ඇත්තේ  මෙම දිනක වැටුප කප්පාදු කිරීමේ ඒ තීන්දුව අත්හිටුවන ලෙස ය.
 
මීට අදාළ  ලිපිය පහත දැක්වේ.
 

සභාපති,
ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය,
කොළඹ.

ගරු සභාපතිතුමනි,

පවතින #කොරෝනා වසංගතය හේතුවෙන් අසීරුතාවයට පත් ජනතාවට සහන සැලසීම වෙනුවෙන් එක් දිනක වැටුපක් වරාය සේවකයින්ගෙන් ලබාගැනීමට කර ඇති යෝජනාව සම්බන්ධව.

#කොරෝනා වසංගතය හේතුවෙන් මසකට අධික කාලයක් රට තුල පවතින හදිසි තත්වය යටතේ කොළඹ වරායේ සියලූ මෙහෙයුම් කටයුතු අඩපනවීමට ඉඩ නොදී වරායේ සේවකයන් මැදිහත්ව කටයුතු කර ඇත. නාවික, ක‍්‍රියාකරවන, ආරක්‍ෂක සහ නඩත්තු අංශයන්වල මැදිහත්වීම මත එම කටයුතු සම්පූර්ණ කිරීමට හැකියාව ලැබිණි. කොළඹ වරායේ පිහිටි පෞද්ගලික වරායන් තුලද කටයුතු කිරීමේදී ඒ සඳහාද මෙම වරාය සේවකයාගේ ක‍්‍රියාකාරීත්වය අවශ්‍ය විය. එමගින් රටතුල අත්‍යවශ්‍ය සේවා කටයුතු සම්පූර්ණ කර ගැනීමේ හැකියාව ලැබුනේ මෙම තත්වය මතයි.

මෙවන් අවස්ථාවක් යටතේ ඔබේ අංක වඅධි/ප‍්‍ර01/විවිධ/2020 චක‍්‍රලේඛය 2020. 04. 17 දින කළමණාකාර අධ්‍යක්‍ෂතුමා මගින් නිකුත් කර ‘‘#කොරෝනා වසංගතය හේතුවෙන් අසීරුතාවයට පත් ජනතාවට සහන සැලසීම’’ යනුවෙන් දන්වා එය සේවකයන් වෙත ඉදිරිපත්කොට විමසා දිනක වැටුපක් ලබාගැනීමට කටයුතුකොට ඇත. මේ අවස්ථාවේ වරායේ කටයුතු නිසි පරිදි පවත්වාගෙන යාම සඳහා වරාය සේවකයා සූදානම්ව කටයුතු කරනු ලබයි. ඒ සඳහා දිරි දීමනාවක් දීම වෙනුවට දිනක වැටුප් අයකර ගැනීමක් සිදුකිරීම කාලෝචිත ක‍්‍රියාවක් නොවන බවත්, ඔවුන්ගේ රැකියා තෘප්තිමත් භාවයට බාධාවන් වන බව අපි විශ්වාස කරමු.

රටේ ජනතාවට සහන සැලසීම වෙනුවෙන් මේ වන විට විදෙස් රටවල්වලින් විශාල අධාර ප‍්‍රමාණයක් ලැබී ඇති අතර තවත් ආධාර ගලා එමින් පවතී. ලැබී ඇති මුදල් මගින් එම කටයුතු සම්පූර්ණ කරගැනීමට හැකියාව ඇති අතර, වරාය සේවකයන්ගෙන් දිනක වැටුපක් ඒ සඳහා ලබාගැනීමට ඉදිරිපත් කර ඇති ක‍්‍රියාවලියට අප එකග නොවන බවත්, කාර්යක්‍ෂමව මේ අවස්ථාවේ කටයුතු කරන වරාය සේවකයා ගැන සිතා මැයි මස එක්දින වැටුප් අය කිරීමට ගෙන ඇති තීරණය අත්හිටුවීමට කටයුතු කරන ලෙස කාරුණිකව ඉල්ලමි.

ස්තූතියි.

මෙයට,
විධායක සභාව වෙනුවෙන්
චන්ද්‍රසිරි මහගමගේ
ප‍්‍රධාන ලේකම්

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න