ලීසිං සහ ණය වාරික සහනය විධිමත් කරන්න : බැංකු සහ මූල්‍ය ආයතන ජනතාව පස්සෙන් පන්නයි - මහේෂ්

ලීසිං සහ ණය වාරික සහනය විධිමත් කරන්න : බැංකු සහ මූල්‍ය ආයතන ජනතාව පස්සෙන් පන්නයි - මහේෂ්

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් ජනතාවට ලබා දෙන සහන යටතේ ජනතාවගේ  ලීසිං  සහ ණය වාරික ගෙවීමට  සහන කාලයක් ලබා දෙන බව සඳහන් වුවත් බැංකු හා මූල්‍ය ආයතන හරහා  එය නිසි ලෙස ක්‍රියාත්මක නොවන බවත් එහෙයින් ජනතාව දැඩි අසීරුතාවයට පත් වෙමින් සිටින බවත් මහනුවර එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක මහේෂ් සේනානායක පවසයි.

 මතුවී ඇති මෙම  ජන පීඩාවට ප්‍රධාන හේතුව ලෙස  ඔහු පෙන්වා දෙන්නේ  ජනතාවගේ  ලීසිං සහ ණය පහසුකම් සම්බන්ධව  සහන සැලසීම වෙනුවෙන් අදාළ රෙගුලාසි රජය විසින් මහ  බැංකුව හරහා  නියමිත ලෙස  බැංකු සහ මූල්‍ය ආයතන වෙත නිකුත්කිරීමට කටයුතු කර නොමැති බවයි.
 
එජාප අපේක්ෂක මහේෂ් සේනානායක සමාජ මාධ්‍ය වෙත  වීඩියෝවක් නිකුත් කරමින්  මේ බව සඳහන් කරන අතර මතුව ඇති තත්ත්වය තුළ ඇඳිරි නීති සීමා ඉවත් කිරීමට රජය  කටයුතු කිරීමත් සමඟ අදාළ මූල්‍ය ආයතන ලීසිං සහ ණය වාරික,  අය කිරීමට ජනතාව පසුපස හඹා යෑම ඇරැඹෙනු ඇති බවත් කියාරා ජනතාව අනිසි පීඩාවකට පත්වනු ඇති බවත් ඔහු පෙන්වා දෙයි.
 
මේ සම්බන්ධව අදහස් දක්වමින් ඔහු වැඩි දුරටත් පවසන්නේ දේශපාලන වාසි තකා මාර නිවේදන නිකුත් කිරීම වෙනුවට මහ බැංකුවේ නිලධාරීන් සමඟ සාකච්ඡා කර විනිවිද පෙනෙන , නිශ්චිතව ලබා දිය හැකි සහන පැකේජයක් කොවිඩ් 19 වසංගතය හේතුවෙන්  පීඩාවට පත් ජනතාවට ලබා දීමට රජය කටයුතු කළ යුතු බවයි.
 
මේ පිළිබඳ වැඩිදුර අදහස් දැක්වෙන මහනුවර දිස්ත්‍රික් එජාප අපේක්ෂක මහේෂ් සේනානායක නිකුත්කළ වීඩියෝව පහත දැක්වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න