සාමාන්‍යාධිකාරීතුමා,
ප‍්‍රධාන කාර්යාලය,
ලංකා විදුලිබල මණ්ඩලය,
කොළඹ.
සාමාන්‍යාධිකාරීතුමනි,
#කොවිඩ්- 19 #Covid- 19 - පදනම් කරගෙන ලං.වි.ම. සේවකයින්ගේ වැටුප් කපාගැනීමේ තීරණයක් නොගන්නා ලෙස දැනුම්දීමයි
ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර මහතා ජනාධිපති කාර්යාලයේ ලිපි ශීර්ෂය භාවිතා කරමින් රජයේ සේවකයින්ගේ හා රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සේවකයින්ගෙන් මාසික වැටුප හෝ මාසික වැටුපෙන් අඩක් රජයේ වැන්දඹු හා අනත්දරු අරමුදලට ලබාදෙන ලෙස ඉල්ලමින් ඉහත සඳහන් ආයතන අයත් අමාත්‍යාංශ හා ආයතන ප්රධානීන් වෙත ලිපියක් එවා ඇත.
#කොවිඩ්- 19 #Covid- 19 වසංගත තත්වය තුළද ලං.වි.ම. සේවකයින් බොහෝමයක් රට තුළ අඛණ්ඩව විදුලිය පවත්වාගෙන යාම සඳහා සේවයට වාර්තා කරනු ලැබුවේ තම පෞද්ගලික වාහන වලින් ඉන්ධන සඳහා පෞද්ගලිකව වියදම් දරමිනි. නියමිත වෙලාවට තම ආහාරය පවා නොගෙනය. තම දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වියදම්, විදුලිබිල, ජල බිල් වෙනුවෙන් හා බැංකු වලින් ලබාගත් ණය, පුද්ගලික ණය, වාහන ණය සියල්ල ගෙවීමට නියමිතව තිබියදීය. තත්වය එසේ වුවත් ලං.වි.ම. විසින් නිකුත් කරන ලද චක‍්‍රලේඛයක් මගින් අතිකාල හා නිවාඩු වැටුප් කප්පාදු කිරීමට ද කටයුතු කර ඇත. ඊට අදාළ වාර සේවිාවන් පවා සකස් කර ඇත. මේ අනුව සේවකයින් තුළ නොසන්සුන්තාවයක්ද ඇති වෙමින් පවතී.
මෙවැනි වටපිටාවක තවත් කැපකිරීම් කිරීමට යැයි පවසමින් ලං.වි.ම. සේවකයින්ගෙන් කුමන හෝ ආකාරයේ වැටුප් අයකර ගැනීමක් කරන්නේ නම් අප සංගමයේ බලවත් විරෝධය අප‍්‍රසාදය පළකරන අතර එම ඉල්ලීම ඉටුකිරීමට කටයුතු නොකරන ලෙස ඉතා කාරුණිකව ඉල්ලා සිටිමු.
ස්තූතියි.
මෙයට,
ජී. ඒ. රන්ජන් ජයලාල්
ප‍්‍රධාන ලේකම්
ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා,
ජනාධිපති ලේකම් කාර්යාලය,
කොළඹ 01.
ගරු ජනාධිපතිතුමනි,
ශ‍්‍රී ලංගම සේවකයිනගේ මාසික වේතනයෙන් කිසිඳු මුදලක් පරිත්‍යාග සිදුකරන මුවාවෙන් නීති විරෝධී ලෙස අයකර නොගන්නා ලෙස ඉල්ලා සිටිමි.
සියලූම රජයේ සේවකයන්ගේ මාසික වේතනයෙන් රටේ පවත්නා තත්වය පදනම් කරගෙන යම් මුදලක් ඉල්ලා ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා ලිපියක් නිකුත් කර ඇත. ශ‍්‍රී ලංගම සේවකයින් මේ මොහොතේ පත්වී ඇති ආර්ථික අසීරුතාවය නිසාම එවැනි පරිත්‍යාගයක් සිදු කිරීමට ඔවුනට කිසිසේත්ම නොහැකිය. මේ මොහොත වන විටත් අත්‍යාවශ්‍ය සේවාවන් වල සේවකයින් ප‍්‍රවාහනය කරනු ලබන්නේ ශ‍්‍රී ලංගම සේවකයින් වුවත් ඔවුනට මුඛ අවරණ. අත්වැසුම්, වෙනත් වෛද්‍ය පහසුකම්, දිරි දීමනා කිසිවක් විධිමත්ව අඛණ්ඩව ලැබෙන්නේ නැත. එම සේවකයන්ට අත්වියහැකි ජීවිත අවධානම පවා නොතකා ඔවුන් එම කාර්යය සිදුකරයි . රණවිරුවන් සුවවිරුවන් ගැන වර්ණනා කරන ඔබතුමා ඇතුළු ආණ්ඩුව සහ මාධ්‍ය ආයතන ලංගම විරුවන් ගැන කිසිදු ඇගයීමක් සිදු කරන්නේ නැත.
පී. බී. ජයසුන්දර මහතා මුදල් අමාත්‍යාංශ ලේකම් වශයෙන් ක‍්‍රියාකළ කාලයේ දී ශ‍්‍රී ලංගමයට ලබාදිය යුතු මූල්‍ය ප‍්‍රතිපාදන හිතාමතාම ලබානොදී ශ‍්‍රී ලංගමය විනාශ කිරීමට ක‍්‍රියා කළ අතර ඒකාබද්ධ කාලසටහන් ක‍්‍රමවේදය ශ‍්‍රී ලංගමය තුළ ක‍්‍රියාත්මක කර ශ‍්‍රී ලංගමයේ මලගම සිදු කිරීමට ද ක‍්‍රියාකළ පුද්ගලයෙකි. මීට අමතරව ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය විනාශ කළ ආර්ථික ඝාතකයෙකු ලෙස දැනට ඔබතුමාගේ ආණ්ඩුවේ ඇමතිවරුන් ඔහු නම්කර ඇත. ජයසුන්දර මහතා ජනාධිපති කාර්යාලයේ ලිපි ශීර්ෂයන් යටතේ ඔහුගේ පුද්ගලික ඉල්ලීමක් වශයෙන් මෙම ඉල්ලීම සිදුකර ඇති අතර එයද ප‍්‍රශ්න සහගතය.
ගරු ජනාධිපති තුමනි, ශ‍්‍රී ලංගම සේවකයින් මේ මොහොතේ අත්වි`දින ආර්ථික අපහසුතාවය මත ජයසුන්දර මහතාගේ පුද්ගලික ඉල්ලීම කිසිසේත්ම සිදුකළ නොහැකි අතර පරිත්‍යාගයන් සිදුකරන මුවාවෙන් ශ‍්‍රී ලංගම සේවකයන්ගෙන් නීතිවිරෝධී ලෙස බලහත්කාරයෙන් මුදල් අයකරගැනීමක් සිදුකළ හොත් ඊට විරුද්ධව ගතහැකි උපරිම වෘත්තීය ක‍්‍රියාමාර්ගයන් සහ අධිකරණ ක‍්‍රියාමාර්ගයන් ගැනීමට සිදුවන බවද අප සංගමය ඔබතුමාට වගකීමකින් යුතුව දන්වා සිටින්නෙමු.
ස්තූතියි.
මෙයට,
විශ්වාසී,
සේපාල ලියනගේ
ප‍්‍රධාන ලේකම්
සමස්ත ලංකා ප්රවාහන සේවක සංගමය.

