මුදල් අමාත්‍යංශයට ගාමිණී සෙනරත් පත්කිරීමේ තීන්දුව හකුලා ගෙන: ආටිගල නිවසේ සිටම වැඩ!

මුදල් අමාත්‍යංශයට ගාමිණී සෙනරත් පත්කිරීමේ තීන්දුව හකුලා ගෙන: ආටිගල නිවසේ සිටම වැඩ!

අගමැති ලේකම් ගාමිණී සෙනරත්, මුදල් අමාත්‍යංශයේ හා මහා භාණ්ඩාගාර වැඩ බලන ලේකම් පත් කිරීමට ජනාධිපතිවරයා මෙතෙක් කිසිඳු තීරණයක් ගෙන නොමැති බව ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසිය.

'ගාමිණී සෙනරත් මුදල් අමාත්‍යංශයේ වැඩබලන ලේකම් ධුරයට !' යන ශීර්ෂයෙන් යුතුව  theleader.lk හි පළවූ පුවත් සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු එබව කියා සිටියේය.

මුදල් අමාත්‍යංශයේ හා මහා භාණ්ඩාගාර ලේකම්, එස්.ආර්. ආටිගල පසුගිය දිනවල තරමක අසනීප තත්වයෙන් සිටිය ද ඔහු දැන් සුවය ලබා ඇති බවත් ඔහු නිවසට වී අදාළ හදිසි රාජකාරි කටයුතු සිදුකරනු ලබන බවත් පැවසු එම නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේ, ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර විසින් මුදල් අමාත්‍යංශයේ නිලධාරීන්ට අවශ්‍ය උපදෙස් ලබා දෙමින් සිටින බවයි.

ව්‍යවස්ථානුකුලව අමාත්‍යංශ ලේකම්වරුන් පත්කිරීමේ බලය ඇත්තේ ජනාධිපතිවරයා වෙතය.

ගාමිණි සෙනරත් ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියකු වේ. කෙසේවුවද ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයකු පැවසුයේ, ජනාධිපතිවරයා විසින් අගමැති ලේකම් ගාමිණි සෙනරත්ව මුදල් අමාත්‍යංශයේ වැඩ බැලීමට පත්කිරීමට කිසිඳු ලෙසකින් ඉඩක් නොමැති බවයි.

 theleader.lk

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න