දැන් රෝගීන් 915 යි : ඉදිරි සති 2ක තීරණාත්මකයි - හමුදාපති

දැන් රෝගීන් 915 යි : ඉදිරි සති 2ක තීරණාත්මකයි - හමුදාපති
මේ වන විට මෙරටින් වාර්තා වන කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 915 ක් දක්වා ඉහළ ගොස් ඇත.
 
ඒ ඊයේ (13) රාත්‍රී 11.45 වන විට වාර්තා වූ  ආසාදිතයින් 26 සමග ය.
 
ඒ අනූව  රෝහල්ගතව‍ වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 524 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

වසංගත රෝග විද්‍යා අංශය පවසන ,ආකාරයට රෝගීන්  382 දෙදෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

තව ද මේ වන විට කොරෝනා ආසාදිතයින් 9 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ති‍බේ.

ඉදිරි සති 2ක තීරණාත්මකයි - හමුදාපති 

මේ අතර ඉදිරි සති  දෙක තුළ  ඉතාමත් තීරණාත්මක බැවින් මහජනයා  සෞඛ්‍ය  උපදෙස් අනුව කටයුතු කළහොත්  කෝවිඞ් වසංගතය ශි‍්‍ර ලංකාවේන්   සදහටම තුරන් කළ හැකි බව හමුදාපති ලූතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

රටේ  තීරණයාත්මක ඉදිරි සති දෙක සම්බන්ධයෙන් මාධ්‍ය  විමසුමකට පිළිතුරු දෙමින් හමුදාපතිවරයා මේ බව සදහන් කර ඇත.

දැනට  ආසාදිතයන් වාර්තා වන්නේ  විවෘත සමාජයෙන් නොව නිරෝධායන මධ්‍යස්ථාන වල සිටින පුද්ගලයන්ගෙන්  පමණක් බවත් ජනාධිපතිතුමා ප‍්‍රමුඛ රජය , සෞඛ්‍ය අංශ ඇතුළු සියලූ දෙනා  කැපවීමෙන්  කටයුතු කළේ විවෘත සමාජයෙන් නොව   නිරෝධාන මධ්‍යස්ථාන වලින් පමණක්   රෝගී හමුවීමට  සදහා   බලා ගැනීමට  බවත් එම තත්ත්වයට දැන් රට පත්ව ඇති බවද හමුදාපතිවරයා කියා තිබේ.

ඉදිරි සති දෙක ඉතාමත් තීරණාත්මක බැවින්  සමස්ත   ජනතාව   ඉතාමත් වගකීමෙන්    කටයුතු කළ යුතු බවද හමුදාපතිවරයා කියා සිටියි.

ජනතාව වෙනුවෙන් පනවා තිබු  සීමා ක‍්‍රමයක් ක‍්‍රමයෙන්  ලිහිල්  කරමින්   තිබෙන අවස්ථාවක  මහජනයා  හා වගකීමෙන් කටයුතු කළ යුතු බවත්   මහජනයා සෞඛ්‍ය  උපදෙස් කි‍්‍රයාත්මක නොකළහොත්   අපි  මෙතෙක් කාලයක් මහත්  කැපවීමෙන්  ලබාදුන් ජයග‍්‍රහනය ගිලිහී යන බවද හමුදාපතිවරයා වැඩිදුරත් පවසා ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න