COVID-19 ව්‍යාප්තිය අවම කිරීම අරමුණු කරගත් "ඉටුකම" ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් සමාගම් විසින් රුපියල් මිලියන 50ක මුදලක් පරිත්‍යාග කරන ලදී.
ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් හි සභාපති, අධ්‍යක්ෂ මණ්ඩලය, කළමනාකරණ හා වෘත්තීය සමිතිවල නියෝජිතයින් විසින් අද (15) ජනාධිපති මහලේකම් කාර්යාලයේදී රුපියල් මිලියන 50 ක් වටිනා චෙක්පතක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දෙනු ලැබීය.
වර්තමාන අර්බුදය කළමනාකරණය කිරීමේදී ප්‍රශංසනීය වෑයමක් දරමින් ජාතියේ ප්‍රමුඛ විදුලි සංදේශ විසඳුම් සපයන්නන් වන ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් අඛණ්ඩව ශ්‍රී ලංකා රජයට සහයෝගය දක්වනු ලබයි.
මෙම මුදල් පරිත්‍යාගයට අමතරව, රටේ ප්‍රධාන අංශවල ආර්ථික ක්‍රියාකාරකම් නැවත ආරම්භ කිරීම සඳහා රුපියල් මිලියන 350කට වැඩි තාක්ෂණික විසඳුම් රාශියක් සඳහා පුරෝගාමී හා නායකත්වය දීමට සමූහය ඉදිරිපත් වී තිබේ.
බාධාවකින් තොරව කටයුතු කරන ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් පසුගිය ඇඳිරි නීති හා lockdown තත්ත්වයන් යටතේ දී පවා සිය සේවාවන් අඛණ්ඩව ලබා දීමට කටයුතු කරන ලදී.
ඉටුකම ව්‍යාපෘතිය COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පිහිටුවන ලද COVID-19 ව්‍යාප්තිය අවම කිරීම අරමුණු කරගත් ක්‍රියාකාරකම් සහ ඒ හා සම්බන්ධ සමාජ සුභසාධන වැඩසටහන් සඳහා අරමුදල් රැස්කිරීමේ වැඩසටහනකි.

