"ස" ළඟ හිටියත් මුස්ලිම් නම් ගැලවීමක් නෑ : වොයිස්කට් සාදු "අලි සබ්‍රි - මංගල" ගැට ගසයි !

 "ස" ළඟ හිටියත් මුස්ලිම් නම් ගැලවීමක් නෑ : වොයිස්කට් සාදු "අලි සබ්‍රි - මංගල" ගැට ගසයි !

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිගේ  අති සමීපතම නීතිඥයෙකු වන ජනාධිපති නීතිඥ අලි සබ්රි ඉලක්කකර වොයිස් කට් අන්තවාදීන් විසින් දැඩි සමාජ මාධ්‍ය මෙහෙයුමක් දියත් කර ඇත.

ඒ වෙනුවෙන් කටයුතු කරන ඇතැම් හිමිවරුන්ගේ ප්‍රකාශ වලින් පෙන්නුම් කරන්නේ බහුතරයක් මුස්ලිම්වරුන් ආණ්ඩුවට පක්ෂපාත නොවන මොහොතක රාජපක්ෂ ආණ්ඩුව වෙනුවෙන් විශේෂයෙන් ජනාධිපතිවරයා වෙනුවෙන්  පෙනී සිටින මුස්ලිම් ප්‍රභූවරුන් කිහිප දෙනාට  පවා ගැලවිල්ලක් නොමැති බවය.

'සිංහලේ' නමින් අටවාගත් දෙතුන් දෙනෙකුගේ කල්ලියක 'වොයිස්කට්' උන්වහන්සේ නමක් ඊයේ (14) විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් සඳහන් කර ඇත්තේ, අලි සබ්‍රිට ජනාධිපති නීතිඥ කම භාවිතා කර පාදඩ කම් කිරීමට ඉඩ නොතබන බවත් අලි සබ්‍රි ගේ හෙළුව ඉදිරියේදී රටට හෙළි කිරීමට සුදානම් බවත්ය.

අලි සබ්‍රි පිළිබඳව දිවයිනේ ප්‍රමුඛ භික්ෂුන් වහන්සේලා දැනුවත් කර සිටි බවත්, මේ රටේ නායකයෝ තව දුරටත් රිෂාඩ් බදුර්දීන් ලා හකීම් ලා අසාද් සාලි ලා බිහිකරන්න උත්සහ ගන්නවානම් දිගින් දිගටම ඊට විරුද්ධ වන බවත් එම 'වොයිස්කට්' හිමි සඳහන් කර ඇත.

උන්වහන්සේ තවදුරටත් පවසා ඇත්තේ, ''අලි සබ්‍රිව බේරගැනීමට දගලන්නේ මංගල සමරවීරගේ මිනිස්සු'' බවයි.

එම පුවතට ආණ්ඩුවට සහය දක්වන colombotoday.com වෙබ් අඩවිය ද පුළුල් ප්‍රචාරයක් ලබාදී ඇත. වොයිස් කට් සාදුලා යැයි අපහාස කරමින් මංගල සමරවීර හිටපු අමාත්‍යවරයාගේ වෙබ් අඩවි අලි සබ්‍රි බේරා ගැනීමට ඉදිරිපත් වී ඇතැයි එම වෙබ් අඩවියේ සඳහන් වේ.

llls

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න