අධික වැසි හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක ගංවතුර තත්වයක් මතුව ඇත. ඒ රත්නපුර ගාල්ල සහ කළුතර යන දිස්ත්‍රික්කවල ය.
එමෙන්ම කෑගල්ල ආශ්‍රිතවත් අතර අවධානම් තත්ත්වයක් මතුවිය හැකි බව වාර්තා වෙයි.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරන ආකාරයට අද (16) වන විට ලුගඟ, වේ ගඟ, කුරු ගඟ , හංගමු ගඟ ඇතුලු රත්නපුර දිස්ත‍්‍රික්කයේ ප‍්‍රධාන ගංගා වල ජල මට්ටම සීග‍්‍රයෙන් ඉහළ යාම නිසා පහත් බිම් රැසක් ජලයෙන් යටවී ඇත.
එසේම කැලණි, කළු, නිල්වලා, ගිං, බෙන්තර යන ගංගා සහ මී, අත්තනගලූ, දැදුරු, කිරම, ඌරු බොකු ආදී ඔයවල්වල ජල මට්ටම ඉහළයමින් පවතින අතර ඒ ආශ‍්‍රිත පහත්බිම්වල ජනතාව නිරන්තර අවදානයෙන් පසුවිය යුතු බවට කාලගුණ විශේෂඥයන් අනතුරු අඟවයි.
කලුගඟේ ජල මට්ටම අද අලූයම 04.30 වන විට අඩි 17 මට්මට ඉක්මගිය බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
එහෙත් අද උදෑසන 06.30 වනවිට අඟල් තුනකින් පමණ ජල මට්ටම අඩුවී තිබූ බවද වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේය. කලූගගේ ජල මට්ටම මේ වනවිට පවතින්නේද අවදානම් මට්ටම වූ මීටර් 05 ඉක්මවා නිසා ගංවතුර තත්ත්වයක් බලාපොරොත්තුව සිටින්නැයි මහජනතාවට ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ගිංගගේ පෝෂක ලංකාගම ප්‍රදේශයට ඊයේ ඇදහැලුණු අධික වර්ෂාපතනයක් හේතුවෙන් තවලම ජලමාපකයේ ජල මට්ටම අද (16) උදැසන වනවිට මිටර් 4.32ක් දක්වා ඉහළ ගොස් ඇති බව ගිංගග වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය පවසයි. තවලම ජලමාපකයේ ජලමට්ටම මිටර් 4.5 දක්වා වැඩිවුවහොත් ගංවතුර තත්වයක් ඇතිවිය හැකිබව පවසන ගිංගග වාරිමාර්ග ඉංජිනේරුවරයා මේ වනවිට ගිංගගේ බද්දේගම ජලමාපකයේ ජල මට්ටම මිටර් 2.52ක දක්වා ඉහළ ගොස් ඇති බවද කීය.
ගත වූ පැය 24ක කාලයේ දී වැඩිම වර්ෂාපතනය වාර්තා වී ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්කයෙනි. ඊට අමතරව කොළඹ මට්ටක්කුලියේ මිලිමීටර 112.0 ක වර්ෂාපපතනයක් ද රත්මලානෙන් මිලිමීටර 103.5ක වර්ෂාපතනයක් ද වාර්තා වී ඇත.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද සවස නිකුත් කළ කාලගුණ අනාවැකියේ සඳහන් කර ඇත්තේ ඉදිරි කාලයේ දී ද තවදුරටත් වැසි සහිත කාලගුණික තත්ත්වයක් ඇතිවන බවයි.
නායයෑම් අවධානම් !
මේ අතර පවතින තද වැසි හේතුවෙන් ගාල්ල සහ මාතලේ දිස්ත‍්‍රික්කවල නායයෑමේ අවදානමක් මතුව ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
මෙම අවදානම සම්බන්ධයෙන් ගාල්ල දිස්ත‍්‍රික්කයේ බද්දේගම, ගාල්ල, කඩවත් සතර, අක්මීමන, ඇල්පිටිය, නියාගම සහ බෝපේ පෝද්දල යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි ජනතාවට අනතුරු අඟවා ඇත.
ඒසේම, මාතලේ දිස්ත‍්‍රික්කයේ උකුවෙල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මෙම අවදානම මතුව තිබෙන බව එම සංවිධානය පවසයි.
අධික වර්ෂාපතනයකදී කදු හා බෑවුම් ආශ‍්‍රිතව ජීවත්වන්නන් නායයාම් සම්බන්ධයෙන් දැඩි අවධානයකින් පසුවිය යුතු බවත්, රතු නිවේදන නිකුත් කර ඇති ස්ථානයන්හි පදිංචි ජනතාව ආරක්‍ෂිත ස්ථාන කරා යා යුතු බවත් නිවේදනයකර ඇත.

