WHO රෙගුලාසි ඉල්ලා : ලංකා මහජන කොංග්‍රසයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

WHO රෙගුලාසි ඉල්ලා : ලංකා මහජන කොංග්‍රසයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

ලෝක සෞඛ්‍ය සංවිධානයේ රෙගුලාසිවලට පටහැනිව  කොරෝනා වයිරසය ආසාදිතව මියයන පුද්ගලයන් ආදාහනය කිරීමේ ගැසට් පත්‍රය සංශෝධනය කර  එයට ආදාහන සහ භුමිදානය කිරීමට අවශ්‍යය රෙගුලාසි ඇතුළත් කරන ලෙස ඉල්ලා සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ හිටපු අමාත්‍යවරු පිරිසක් මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇත.

එම පක්ෂයේ නායක හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන්, පක්ෂයේ සභාපති හිටපු රාජ්‍ය අමාත්‍ය අමීර්  අලි, පක්ෂයේ ජාතික සංවිධායක හිටපු නියෝජ්‍ය අමාත්‍ය අබ්දුල්ලා මහරූෆ්, හිටපු නියෝජ්‍ය අමාත්‍ය පක්ෂයේ භාණ්ඩාගාරික හුසෙයින් බයිලා ඇතුළු පිරිස මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස සෞඛ්‍යය හා පෝෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් අනිල් ජාසිංහ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් නම් කර ඇත.

එම පෙත්සමෙන් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ලෝකයේ  රටවල්  182ක්  ලෝක  සෞඛ්‍ය සංවිධානයේ රෙගුලාසිවලට අනුව ආදාහනය සහ භූමිදානය යන අවමංගල චාරිත්‍ර දෙවිදිහටම ඉඩ සලසා දෙන ලෙස  ඉතා පැහැදිලිව සඳහන් කර ඇති නමුත් ශ්‍රී ලංකාවේ පමණක් ආදාහනය කිරීම ගැසට් පත්‍රයක් මගින් නීතිගත කර ඇති බවයි. මෙය විවිධ සිවිල් සංවිධාන වලද විරෝධතාවන්ට හේතු වී ඇත. 

එමෙන්ම මුස්ලිම් අයගේ ආගමික චාරිත්‍ර වලට ගරු කරමින් ඔවුන්ට අයිති අවසන් ගෞරවය ලබාදීම සදහා  මුස්ලිම්වරුන්ගේ අවමංගල්‍යය වලදී ඉටුකරන භූමිදානය කිරීමට අවශ්‍ය කටයුතු සලසා දෙන ලෙසය.

ලෝක ඉතිහාසයේ කිසිම දිනක මුස්ලිම්වරුන්ගේ දේහයන් කිසිදු රටක කොරෝනා වෛරසය හේතුවෙන්  ආදාහනය කර නොමැති බවත්, එය ඉස්ලාම් ආගමට පටහැණි ක්‍රියාවක් බවත් මෙහිදී පෙත්සම්කරුවන් පෙන්වා දී ඇත.

ඉස්ලාම් ධර්මය අනුව පුද්ගලයෙකු මියගිය විට ‍ප්‍රධාන චාරිත්‍ර හතරෙන් එකක් වන භූමිදානය කිරීමට අවශ්‍ය කටයුතු සලසා දෙන ලෙස මෙම පෙත්සමෙන් වැඩිදුරටත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත. 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න