ලංකාවේ අවධානම පහවගොස් නෑ : ලෝකය දෙවන රැල්ලටත් සූදානම් වෙයි !

ලංකාවේ අවධානම පහවගොස් නෑ : ලෝකය දෙවන රැල්ලටත් සූදානම් වෙයි !

කොවිඩ් 19 වෛරස් වසංගතයේ මෙරට ව්‍යාප්තියේ අවදානම පහවගොස් නොමැති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. 

මේ හේතුවෙන් ඉදිරියටත් ජනතාව සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය සිදුකළ යුතු බව එහි ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර  සදහන් කර ඇත.

 යම් අයුරකින් රෝගය සමාජ ගත වී ඇත් ද යන්න සොයා බැලීම සදහා නියැදි පරීක්ෂාවන් තවදුරටත් සිදුකරනබව ද විශේෂඥ  වෛද්‍ය සුදත් සමරවීර වැඩිදුරටත් පවසා තිබේ.

මෙරට සහ ගෝලීය  තත්ත්වය !

මේ වන විට රජය පවසා ඇති ආකාරයට මෙරට වාර්තා වී ඇති කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 935කි. 

මරණ සංඛ්‍යාව 9 ක් ලෙසත් සුවවූ ප්‍රමාණය 477ක් ලෙසත් රජයේ වාර්තා සඳහන් කරයි.

කෙසේ වුවත් ගෝලීය තත්ත්වය විමසීමේදී සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 4641958 ක් ලෙස වාර්තා වන අතර මරණ සංඛ්‍යාව 308852කි. 

දැනට සුවවී ඇති මුළු ප්‍රමාණය 1767932ක් වෙයි.

වැඩිම හානිය ඇමරිකාවට

මේ වන විට ලොව වැඩිම කොවිඩ් 19 ආසාදිතයින්  සංඛ්‍යාව වාර්තා වන්නේ ඇමරිකා එක්සත් ජනපදයෙන් වන අතර ඒ 1484367ක් ලෙසිනි. ඇමරිකාවේ වාර්තා වන මරණ  සංඛ්‍යාව  88507කි.

ලොව දෙවැනියට වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ස්පාඤ්ඤයෙන් වාර්තා වන අතර ඒ 274367 ක් ලෙසය. එහි මරණ 27459කි.

3 වනුව වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව රුසියාවෙන් වාර්තා වන අතර ඒ ප්‍රමාණය 272043 කි. රුසියාවේ මරණ 2537ක් වාර්තා වී ඇත.

ලොව 4වනුව  වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව එංගලන්තයේ වාර්තා වන අතර එම ප්‍රමාණය 236711කි. එරට මරණ 33998ක් වාර්තා වන අතර එම ප්‍රමාණය දෙවැනි වන්නේ ඇමරිකාවට පමණි.

ඉතාලිය ලොව වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව 5වනුව වාර්තා කර ඇති අතර ඒ 223885කි. එරට මරණ සංඛ්‍යාව 31610කි.

කොවිඩ් දෙවැනි රැල්ලට සූදානම් වෙන්න - WHO 

ලෝකයේ රටවල් කිහිපයක අත්දැකීම් මත කොවිඩ්19 ආසාදනය වීමේ දෙවන රැල්ලක අනතුර පහව ගොස් නැති බැවින් ඊට සුදුසු සූදානම් කිරීම් අවශ්‍ය බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෛරස ප්‍රතිචාර දැීමේ තාක්ෂණික ප්‍රධානී වෛද්‍ය මාරියා වෑන් පවසා ඇත.

සී.එන්.එන් රූපවාහිනය සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඇය  මේ බව සඳහන් කර ඇති අතර ඒ කොරොනා වර්ධන රටාවන් ගැන පර්යේෂණ සිදු කළ සෞඛ්‍ය විශේෂඥයන්ගේ අනතුරු ඇඟවීම් මතය. 

සමස්තයක් ලෙස කොරෝනා වසංගතය මැඩලීමේ සාර්ථකත්වයක් ඇති බව පවසමින් ඇය පවසා ඇත්තේ ලෝකයේ විවිධ ප්‍රදේශවලින් වෛරසය යළිත් වරක් වර්ධනය වී ඇති බවයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න