බන්දුල කියන්නේ ආණ්ඩුව බංකොලොත්ද ?

බන්දුල කියන්නේ ආණ්ඩුව බංකොලොත්ද ?

ජනාධිපතිවරණයේදී වූ පොරොන්දු කොරෝනා වසංගතය හේතුවෙන් ඉටු කිරීම අපහසු වී ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.

 රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ගෙවා ගැනීම පවා අසීරු මට්ටමකට පත්ව ඇති බවත් ඔහු පවසා ඇත.   ඇමති බන්දුල ගුණවර්ධන  මේ බව සඳහන් කර ඇත්තේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ය.    

එහිදී  අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ, රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යාම, ණය වාරික පොලී ගෙවීම, විශ්‍රාම වැටුප් හා සමෘද්ධි සහනාධාර ගෙවීම ආදිය සඳහා රජයට ලැබෙන ආදායම මේ වන විට නතර වී ඇති බවය.  

මේ අතර මේ පිලිබඳව අදහස් දක්වමින් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්  පවසන්නේ ජනතාවට ඉන්ධන මිල සහනයවත් ලබා දී නැති අතර ඉන්ධනවලින් විශාල ආදායමක් ආණ්ඩුව විසින් ලබාගන්නා බවයි.  

තවද රාජ්‍ය සේවකයාගේ වැටුප් ගෙවීම සඳහා මුදල් නැතැයි කියමින් ඔවුන්ගේ වැටුප් කපගන්නා ආණ්ඩුව , මධ්‍යම අධිවේගී මාර්ගයට රුපියල් කෝටි 3100 (තුන්දහස් එක සියයක්) වෙන් කර ඇති බවද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී  විජිත හේරත් පෙන්වා දෙයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න