ජුනි 20 ජන්දයට එරෙහි පෙත්සම් සලකා බැලීම අද (18) සිට !

ජුනි 20 ජන්දයට එරෙහි පෙත්සම් සලකා බැලීම අද (18) සිට !

ජුනි මස 20 වැනිදා මහ මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසම විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය සහ පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් ඉදිරිපත්ව තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරුමඩුල්ල හමුවේ අද (18) සහ හෙට (19)  සලකා බැලීමට නියමිත ය.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විනිසුරු මඩුල්ලේ සභාපතිවරයා ලෙස කටයුතු කරන අතර බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මලල්ගොඩ  එහි සෙසු සාමාජිකයන් වෙයි.

කුමාර වෙල්ගම, රංජිත් මද්දුම බණ්ඩාර, පාඨලි චම්පික රණවක, නීතීඥ චරිත ගුණවර්ධන ඇතුළු පිරිස විසින් ගොනුකර ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු පාර්ශව රැසක් නම් කර තිබේ.

එම පෙත්සම් සම්බන්ධයෙන් අතරමැදි පෙත්සම් 11ක්ද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න