වඳුරන්ට අත්හදා බැලූ එන්නතෙන් සාර්ථක ප්‍රතිඵල නිරීක්ෂණය වෙලා !

වඳුරන්ට අත්හදා බැලූ  එන්නතෙන්  සාර්ථක ප්‍රතිඵල නිරීක්ෂණය වෙලා !

rhesus macaque වර්ගයේ වඳුරන් හය දෙනෙකුට අත්හදා බැලූ කොරෝනා වෛරසයට එරෙහි එන්නතෙන් යම් සාර්ථක ප්‍රතිඵල නිරීක්ෂණය වී තිබේ.

මේ හේතුවෙන්, පෙර සිතුවාට වඩා අඩු කාලයකින් සාර්ථක එන්නතක් සොයාගැනීම සම්බන්ධයෙන් බලාපොරොත්තු ඇති වී තිබෙන අතර මෙම එන්නත මිනිසුන් මත අත්හදා බැලීම් ද සිදු කරමින් පවතී.

කෙසේ නමුත්, සතුන්ගෙන් ලැබුණු ප්‍රතිඵල මිනිසුන් තුළ ද දක්නට ලැබෙනු ඇති බවට තවමත් කිසිදු සහතිකයක් නොමැත.

එන්නත ලබා දීමෙන් පසුව මෙම සතුන් SARS-CoV-2 වෛරසයට නිරාවරණය කර ඇති අතර, ඔවුන්ගේ පෙනහලු සහ ශ්වසන මාර්ගවල වෛරසය අවම මට්ටමක පවතින බව නිරීක්ෂණය වී ඇත.

ඔවුන් එන්නත ලබා නොදුන් වඳුරන් කණ්ඩායමක් සමග සසඳා බලා තිබේ.

එක්සත් ජනපදයේ සිදු කරනු ලබන මෙම සායනික අත්හදාබැලීම් සඳහා එක්සත් ජනපද ජාතික සෞඛ්‍ය ආයතනවල (එන්අයිඑච්) සහ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් සම්බන්ධ වී තිබේ.

සතුන්ට නියුමෝනියාව වැළඳීමෙන් ආරක්ෂා කිරීම ද මෙම එන්නත මඟින් සිදු වන බව නිරීක්ෂණය වී ඇත.

rhesus macaque වඳුරන්ට ඇත්තේ මිනිසුන්ට සමාන ප්‍රතිශක්තිකරණ පද්ධතියකි.

Coronavirus vaccineබීබීසී සෞඛ්‍ය වාර්තාකරු ෆර්ගස් වොල්ෂ් විස්තර කරන පරිදි මෙම සතුන් තුළ "ප්‍රතිශක්තිකරණය වැඩි වීමේ රෝගය" දක්නට නොමැති අතර "න්‍යායාත්මක ලෙස එහි අවදානමක්" ඇත. මෙයින් සිදුවන්නේ එන්නත මඟින් අදාළ රෝගයකට අහිතකර ප්‍රතිචාරයක් දැක්වීමය.

තවත් කොරෝනාවෛරසයක් වන සාර්ස්වලට එරෙහිව මුල් අවධියේදී සතුන් මත එන්නත් අත්හදා බැලීම් සිදු කරන විට ද මේ හා සමාන ප්‍රතිචාරයක් දක්නට ලැබුණු අතර, එය එම රෝගය සඳහා එන්නතක් නිපදවීමේ ක්‍රියාවලියට බාධාවක් විය.

මෙම අධ්‍යයනය තවමත් වෙනත් විද්‍යාඥයන් විසින් සමාලෝචනය කර විධිමත් ලෙස ප්‍රකාශයට පත් කර නොමැති නමුත්, සනීපාරක්ෂක හා නිවර්තන ඖෂධ පිළිබඳ ලන්ඩන් විද්‍යාලයේ මහාචාර්ය ස්ටීවන් එවන්ස් පවසන්නේ මෙය "උසස් තත්ත්වයේ" සහ "ඉතා දිරිගන්වනසුලු" එන්නතක් ලෙසය.

මේ අතර, එක්සත් රාජධානියේ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ දහසකට වැඩි පිරිසකට ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය හරහා මෙම එන්නත අත්හදා බැලීම් සිදුවෙමින් පවතී.

පරීක්ෂණාත්මක කොරෝනාවෛරස් එන්නත් සියයකට වැඩි ප්‍රමාණයක් දැනට නිපදවා තිබේ.

මෙම එන්නත වඳුරන් තුළ රෝගයට දරුණු ප්‍රතිචාරයක් නොදක්වන අතර, එය ලබා දීමෙන් පසු ඔවුන්ට නියුමෝනියාව වැළඳී නොමැති බව දැකීම "ප්‍රයෝජනවත්" ලක්ෂණයක් බව ලන්ඩන් කිංග්ස් කොලේජ්හි ඖෂධ වෛද්‍ය විද්‍යාව පිළිබඳ බාහිර මහාචාර්යවරයකු වන වෛද්‍ය පෙනි වෝඩ් පැවසීය.

වෛරසයේ සුවිශේෂී කුඩා කොටසක් මත පදනම්ව මෙම එන්නත නිපදවා ඇත. වෛරසයේ සුවිශේෂී කොටසක් හඳුනා ගැනීමට ශරීරයට ඉඩ ලබා දීම තුළින්, එය සමස්තයක් ලෙස නිරාවරණය වන අවධිය වන විට, ප්‍රතික්‍රියා කරන ආකාරය දැනගෙන වෛරසය සමඟ සටන් කිරීමට අවශ්‍ය ප්‍රතිදේහ නිපදවීම මෙහි අදහස වේ.

එන්නත් කළ rhesus macaque වඳුරන් තුළ මෙම ක්‍රියාවලිය සිදු වන බවක් පෙනෙන්නට තිබෙන අතර එමඟින් ඔවුන්ගේ ශරීරයේ වෛරසයට එරෙහිව සටන් කළ හැකි ප්‍රතිදේහ නිපදවීමට ඉඩ ඇත.

(බීබීසී )

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න