මාලිගාවත්තේ කාන්තාවන් තිදෙනකු මියයාම : සම්පූර්ණ සිද්ධිය මෙන්න !

මාලිගාවත්තේ කාන්තාවන් තිදෙනකු මියයාම : සම්පූර්ණ සිද්ධිය මෙන්න !

කොළඹ, මාලිගාවත්ත ප්‍රදේශයේ නිවසක් තුළ තෙරපීමකින් කාන්තාවන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණය කරගෙන තිබෙන බව පොලිසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න බීබීසී සිංහල සේවයට පැවසුවේ, මේ සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරන බවය.

තෙරපීමෙන් කාන්තාවන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර තවත් 9 දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබති.

පොලිසිය පවසන්නේ, මෙය සිදුව ඇත්තේ, මාලිගාවත්ත ජුම්මා මස්ජිඩ් මාවතේ පිහිටි නිවසක් තුළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. ව්‍යාපාරිකයෙකු මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි පිරිසක් අතර මුදල් බෙදා දී ඇති අතර, එම අවස්ථාවේදී අදාළ නිවස තුළ විශාල පිරිසක් එක්රැස්ව සිට ඇති අතර ඔවුන් එකිනෙකා තෙරපීමෙන් මෙම මරණ සිදුව තිබේ.

'300 ක පමණ පිරිසක්' මේ අතර, සිද්ධිය වූ ස්ථානයට පැමිණි බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, පුද්ගලයින් 300 දෙනෙකු පමණ මෙම අවස්ථාවට එක්ව ඇති බවය.

 112402388 23dd2c85 bae1 4823 b97d d12c45e3dd0a

මුදල් ලබාගත් පුද්ගලයින් ආපසු පැමිණ මුදල් ලබා ගැනීමට ඉඩ ඇති හෙයින් මුදල් ලබාගත් අය නිවසේ රැඳි සිටින ලෙසට අදාළ සංවිධායකයින් උපදෙස් දී ඇති බව ඔහු පැවසීය.

"මේ තෙරපීම සිද්ධ වෙලා තියෙන්නේ ඒ නිවසේ එක්රැස්වෙලා හිටිය පිරිස අධික වූ නිසයි. අපි ඒ නිසා මේක සංවිධානය කළ ව්‍යාපාරිකයා ඇතුළු 6 දෙනෙක් අත්අඩංගුවට ගත්තා."

"සමෟද්ධියත් නෑ, අන්තිමට කොරෝනා පන් දාහත් නෑ" පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න බීබීසී සිංහල සේවයට කියා සිටියේ, මාලිගාවත්ත පොලිසිය විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරගෙන යන අතර, ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව ඔවුන් සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගන්නා බවය.

ඔහු පැවසුවේ, අදාළ ව්‍යාපාරිකයා දෙහිවල ප්‍රදේශයේ පදිංචි අයෙකු බවත් සිය ව්‍යාපාරික ස්ථානයට යා යුතු බව පවසමින් ඇඳිරි නීතියට අදාළව අවසර පත්‍රයක් ලබාගෙන ඇති බවය.

කෙසේ වෙතත්, ඔහු එම අවසර පත්‍රය රැගෙන නිරත වී ඇත්තේ, මුදල් බෙදා දීමේ කටයුත්තකය. එම මුදල් බෙදා දීම සම්බන්ධයෙන් පොලිසිය හෝ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයා හෝ දැනුවත් කර නොමැති බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පැවසීය.

කොළඹ දිස්ත්‍රික්කය ආශ්‍රිතව තවදුරටත් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන අතර අත්‍යවශ්‍ය කටයුතු සදහා නිවසින් පිටතට යා හැක්කේ, ජාතික හැඳුනුම්පතේ අංක අනුවය.

මේ අතර, පුද්ගලයින් ඒකරාශි වීම සමස්ත දිවයිනට ම බලපාන පරිදි තහනම් කර තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න