වෙළඳපල සහල් හිඟය පිටුපස : මෝල් මාෆියාව : ජනාධිපතිට පැමිණිල්ලක් !

වෙළඳපල සහල් හිඟය පිටුපස : මෝල් මාෆියාව : ජනාධිපතිට පැමිණිල්ලක් !

රජයෙන් ගොවියාට සහනාධාර ලබා දීම හා මෝල් හිමියන්ට සහන මිලක් යටතේ බැංකු ණය ලබා දුන්නද පාරිභෝගිකයාට සාධාරණ මිලකට සහල් නොලැබෙන්නේ මහාපාරිමාන සහල් මෝල් හිමියන් විසින් පවත්වා ගෙන යනු ලබන සහල් මාෆියාව නිසා බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය චෝදනා කරයි.

ඔවුන් මේ චෝදනාව එල්ලකර සිටින්නේ වෙළෙඳපොළ තුළ පවතින ස්හ්හහල් හිඟය සම්බන්ධව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් යොමුකරමිනි.

මේ සම්බන්ධ සම්පූර්ණ ලිපිය පහත දැක්වෙයි.

ගරු  ජනාධිපතිතුමා

ජනාධිපති ලේකම් කාර්යාලය

කොළඔ 01

 ගරු ජනාධිපතිතුමනි,

සහල් හිගයට පිළියම්. 1971 අංක 14 දරණ වී අලෙවි මණ්ඩල පනත කෙරෙහි අවධානය යොමු කිරීම.

මේ මොහොත වන විට රට තුළ විශාල සහල් හිගයක් පවතින බව ඔබතුමා දන්නා කරුණකි. රජයෙන් ගොවියාට සහනාධාර ලබා දීම හා මෝල් හිමියන්ට සහන මිලක් යටතේ බැංකු ණය ලබා දුන්නද පාරිභෝගිකයාට සාධාරණ මිලකට සහල් නොලැබෙන්නේ මහාපාරිමාන සහල් මෝල් හිමියන් විසින් පවත්වා ගෙන යනු ලබන සහල් මාෆියාව නිසා බව අප සංවිධානය කරන ලද සොයා බැලීමකදී තහවුරු වි ඇති බැවින් ව්‍යජ සහල් හිගය මගහැරවීම සදහා අපගේ යෝජනා ඔබතුමා වෙත ඉදිරිපත් කරමු.

  1. මේ වන විට මහාපරිමාණ සහල් මෝල් හිමියන්ගේ සහල් මෝල්වල විශාල සහල් තොග තිබුනද ඒවා වෙළදපොල වෙත නිකුත් කරන්නේ සුලු වශයෙනි. 2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු අධිකාරි පනත යටතේ ඊට නීති මගින් කටයුතු කල නොහැක.

  1. 1971 අංක 14 දරණ වී අලෙවි මණ්ඩල පනත යටතේ වී මෝලක් පවත්වා ගෙන යාම සදහා වී අලෙවි මණ්ඩලයේ නිසි අවසරපතක් ලබා ගත යුතුය. එහෙත් කිසිම මහාපරිමාණ වී මෝල් හිමියෙක් එම බලපත ලබා ගෙන නොමැත. අදාල නීතිය යටතේ එකී වී මෝල් වල ඇති වී තොග රාජසන්තක කිරීමට වී අලෙවි මණ්ඩලයට අවසරය ඇත. එසේම තොග පවත්වාගෙන යාම පිළිබදව සටහන් තබා ගැනීමටද වී අලෙවි මණ්ඩලයට හැකියාව ඇත. එබැවින් ඉතා ඉක්මනින් වී අලෙවි මණ්ඩල පනත ක්‍රියාත්මක කර සහල් හිගය විසදීමට රජයට අවස්ථාව ඇති බවට ඔබතුමාට කාරුණිකව අවධාරණය කරමු.

ස්තුතියි 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න