Language Switcher

V2025

මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන්ට පහරදීම : නඩුව නැවත කැඳවීම ජූලි 07 !

මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන්ට සහ ඔහුගේ බිරිඳට පහරදීමේ නඩුව ජූලි 07 වැනිදා නැවත කැඳවන ලෙස ගමපහ අංක 02 මහාධිකරණ විනිසුරු එම්.වයි.එම්. ඊර්සඩීන  පසුගිය 20 වැනිදා නියම කර තිබේ.

2009 වරසරේ ජනවාරි මස 23 හෝ ඊට ආසන්න දිනයකදී ගම්පහ ඉඹුල්ගොඩ ප්‍රදේශයේදී උපාලි තෙන්නකෝන් සහ ධමමිකා තෙන්නකෝන් ට තියුණු සහ මොට ආයුධවලින් පහරදී බරපතළ තුවාල සිදු කිරීම, කුමන්ත්‍රණය කිරීම සහ වාහනයට පහරදී අනර්ථය සිදු කිරීම ඇතුළු අධි චෝදනා 04ක් යටතේ හිටපු හමුදා සාමාජිකයන් වූ ප්‍රේම් ආනන්ද උදුලාගම සහ ලලිත් රාජපකෂ යන විත්තිකරුවන් දෙදෙනාට විරුද්ධව නීතිපතිවරයා විසින් ගමපහ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබේ.

සතියේ සෑම ඉරිදාවකම අපරාධ පරීකෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට තම සේවාදායකයා වන දෙවැනි විත්තිකාර ලලිත් රාජපකෂ යන අයට නියම කර ඇති ඇප කොන්දේසිය ලිහිල් කරන ලෙසට නීතිඥ ඔහුගේ නීතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා ඇත.

ඒ සමබන්ධව තීන්දුව ජූලි 07 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට අධිකරණය තීරණය කර තිබේ.

ප්‍රේම් ආනන්ද උදුලාගම යන විත්තිකරු 20 වැනිදා මහාධිකරණය හමුවේ පෙනී සිට නැති අතර, විත්ති කරුවන් දෙදෙනාටම ජූලි 07 වැනිදා මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙසද මෙහිදී විනිසුරුවරයා නියෝග කර ඇත.