කාලා හමාරයි : ආනයනික ආහාර ද්‍රව්‍ය රැසකට අධික බදු පැණවෙයි !

කාලා හමාරයි : ආනයනික ආහාර ද්‍රව්‍ය රැසකට අධික බදු පැණවෙයි !

ආනයනික  ආහාර ඇතුළු ද්‍රව්‍ය රැසක් සඳහා මාස 6ක කාලයක් සඳහා බලපැවැත්වෙන බව සඳහන් කරමින්  විශේෂ වෙළඳ භාණ්ඩ බදු ඉහළ දමා ඇත.

මේ සම්බන්ධව ආණ්ඩුව නිකුත් කර නිවේදනයට අනුව අද (22) සිට එම නව බදු ක්‍රියාත්මක වේ.

මේ හේතුවෙන් පැහැදිලි ව රට තුළ අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ යෑමක්  සිදු වනු ඇත .

 ලෝක වෙළෙඳ පොළ මිල ගණන් නොවෙනස් ව පවතිද්දි මේ ආකාරයට  ආනයනික බදු ඉහල දැමීම හරහා ආණ්ඩුව සිදුවන්නේ ජනතාවට වැඩි මිලක් මේවා වෙනුවෙන් ගෙවීමට සැලැස්වීම ය.

මේ අනුව දැඩි මූල්‍ය අර්බුදයකට ලක්ව සිටින වත්මන් ආණ්ඩුව කෙසේ හෝ ජනතාව පීඩාවට පත් කරමින් ආර්ථික  අර්බුදයට  විසඳුම් සොයන්නට ගෙන  ඇති බවක් පෙන්නුම් කරයි. 

ඒ අනුව අර්තාපල් කිලෝග්‍රෑමයක් සඳහා රු. 50ක්, රතු ළුණු සහ සුදු ළුණු කිලෝග්‍රෑමයක් සඳහා රු. 50ක්, යෝගට් කිලෝග්‍රෑමයක් රු 800ක් ලෙස බදු පනවා ඇත. 

මයිසුර් පරිප්පු කිලෝවක් සඳහා රු. 5-10ත් අතර, සැමන් කිලෝවක් සඳහා රු.100ක්, ඇපල් කිලෝවක් සඳහා රු. 100, මිදී කිලෝවක් සඳහා රු.125ක්, රට ඉඳි කිලෝවක් සඳහා රු.100ක් මිරිස් කුඩු කිලෝවක් සඳහා රු.100ක් ලෙස මෙම බදු පනවා ඇත.

මෙකී බදු පැනවීම පෙන්නුම් කරන්නේ අති විශාල ලෙස භාණ්ඩ මිල ඉහළ යෑම නොතකා  ආදායම් එක්කර ගන්නා උපාය මාර්ග වැඩපිළිවෙළක් වෙත ආණ්ඩුව යොමු වී ඇති බව ය.

කොවිඩ් වසංගතය හමුවේ දැඩි ආර්ථික දුෂ්කරතාවකට සමස්ථ ජනතාව මුහුණපා ඇති මොහොතක මෙය සිදුකර ඇත.

නව ආනයනික බදු පනවා ඇති සම්පුර්ණ භාණ්ඩ පිලිබඳ සවිස්තරාත්මක ලැයිස්තුව පහතින් දැක්වේ.

atyawasya 740px

1

2

3

4

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න