රට බංකොලොත් ලයිස්තුවේ : දැන්වත් ජනතාවට ඇත්ත කියන්න - රනිල්ගෙන් නිවේදනයක් !

රට බංකොලොත් ලයිස්තුවේ : දැන්වත්  ජනතාවට ඇත්ත කියන්න - රනිල්ගෙන් නිවේදනයක් !

ණය ගෙවීමට බැරි වී බංකොලොත් තුළ ඊළඟ රටවල් පහ 5 අතරට ශ්‍රී ලංකාව අයත් විය හැකි බව ලෝක මූල්‍ය දර්ශක පුරෝකථනය කර ඇති බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

අද (25) සමාජ මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කර ඇති අතර රටේ ආර්ථික තත්ත්වය පිළිබදව සැබෑ තොරතුරු ජනතාවට හෙළිදරව් කරන ලෙසත්, එසේ නොකොට නිහඩව සිටීමෙන් රට වැටී ඇති අනතුරුදායක තත්ත්වයෙන් ගොඩ නොඑන බවත්  ඔහු සඳහන් කර ඇත.

තව ද මේ වන විට ෆීච් දර්ශකය ලංකාවේ තත්ත්වය සෘන  මට්ටම දක්වා පහළ දමා ඇති බවත් මූඩිස් සහ මෝර්ගන් ස්ටැන්ලි යන දර්ශක මෙරට තත්ත්වය පහත දැමීම සම්බන්ධව සලකා බලමින් සිටින බවත් හිටපු අග්‍රාමාත්‍ය වරයා සිය  නිවේදනයේ  සඳහන් කර ඇත. 

එහිදී ඔහු වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ 2018 වන විට ලංකාව මෙම මූල්‍ය දර්ශක 3 හිම ස්ථාවරව සිටි බවය.

මේ  වසරේ ඔක්තෝබර් මාසයේ එක් දිනක් තුළ පමණක් ඩොලර් බිලියනයක මුදලක් ගෙවීමට ලංකාවට සිදුව ඇති බවත්  2023 වසර වනවිට ඩොලර් බිලියන 10ක මුදලක් ගත් ණය සදහා ගෙවීමට සිදුව ඇති බව  ඇතුළු අතිශය සංවේදී  ආර්ථික කරුණු ගණනාවක් මෙම නිවේදනයේ  සඳහන් ව ඇති අතර ඒ සම්පූර්ණයෙන් පහත දැක්වෙයි.

98108513 2368263580137357 2882417127178895360 n

99140944 293376328350131 7265132739634921472 n

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න