සිංහලේ මැඩිල්ලේ : අලි සබ්‍රිට එරෙහිව මාරාන්තික උපවාසයකට සූදානම් වෙයි !

සිංහලේ මැඩිල්ලේ : අලි සබ්‍රිට එරෙහිව මාරාන්තික උපවාසයකට සූදානම් වෙයි !

තමන් වහන්සේට එරෙහිව අධිකරණ නියෝගයක් ලබාගත් ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්‍රිට විරෝධය පළකරමින් මාරාන්තික උපවාසයක් ආරම්බ කිරීමට 'සිංහලේ' නමැති සංවිධානයක සභාපති පුජ්‍ය මැඩිල්ලේ පඥ්ඥාලෝක හිමි සුදානම් වන බව වාර්තා වෙයි.

ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්‍රිට එරෙහිව අපහාසාත්මක ප්‍රකාශ නිකුත් කිරීම වළකා කොළඹ දිසා අධිකරණය ඊයේ (28) මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන්ට එරෙහිව තහනම් නියෝගයක් නිකුත් කළේය. ඒ දින 14 ක කාල සීමාවකට අදාලවය.

මෙම නඩුව යළි ජූනි මස 11 වැනිදා කැදවීමට නියම කෙරුණු අතර, කොළඹ දිසා අධිකරණය පිස්කල් නිලධාරීන් මාර්ගයෙන් අදාල නියෝගය ඊයේ (28) දිනයේම මැඩිල්ලේ හිමියන් වෙත භාර දුන් බව වාර්තා වේ.

මැඩිල්ලේ පඥ්ඥාලෝක හිමියන්ට එරෙහිව ගෙන ඇති වාරණ නියෝගය.
WhatsApp Image 2020 05 28 at 16.20.32 649x1024
ජනාධිපතිගේ සමීපතම උපදේශකයෙක් :

ඉදිරි මහ මැතිවරණය සඳහා 'පොහොට්ටු' පක්ෂයෙන් ඉදිරිපත් කර ඇති ජාතික ලයිස්තුවේ ඉහලින්ම සිටින අයකු වන ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්‍රි, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සමීපතම උපදේශකයෙකි.

කෙසේවුවද රාජපක්ෂ පාලනයට සහය දක්වන හිමිවරුන් කිහිප නමක් පසුගිය දින කිහිපයේම මාධ්‍ය සාකච්ජා පවත්වමින් ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්‍රිට එරෙහිව සැලසුම් සහගත ප්‍රහාරයක් එල්ල කරනු ලැබුහ. 

එසේ තමන් වෙත බරපතල අපහස හා චෝදනා වලට වන්දි වශයෙන් රුපියල් බිලියන එක හමාරක මුදලක් අයකර ගැනීම සඳහා  නීතිඥ අලි සබ්රි විසින් පුජ්‍ය මැඩිල්ලේ පඥ්ඥාලෝක හිමියන් වෙත දැනුම් දීමක් ද කර ඇත. ඒ, නීතිඥ සාන්ත විජේවර්ධනගේ මාර්ගයෙනි.

පුජ්‍ය මැඩිල්ලේ පඥ්ඥාලෝක හිමියන් ගෙන් වන්දි ඉල්ලා ඒවා ඇති ලිපිය

Subry Latter 2020.05.29

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න