ජනපති, පොලිසිය හා බන්ධනාගාරය ගැන කනස්සල්ලෙන්!

ජනපති, පොලිසිය හා බන්ධනාගාරය ගැන කනස්සල්ලෙන්!

පොලීසිය කඩා වැටිලා නම් බන්ධනාගාරය කඩා වැටි ඇත්නම්,  නීතිගරුක රටක් හදන්නේ කෙසේදැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විමසා සිටියි.

”මට ඕන මේක කරන්න ඒ නිසා මම අනිවාර්යයෙන් කරනවා. කවුරු තරහ වුණත්, කවුරු යාළු වුණත් මට ප්‍රශ්නයක් නෑ. මේක කරල තමයි මම නවත්වන්නේ. ඒක නිසා මේ ප්‍රිසින් එකේ හැමෝටමත් කියන්න ඒ ගොල්ලෝ හැඳුනේ නැත්නම් මම හදනවා”

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙම ප්‍රකාශය සිදු කළේ, බන්ධනාගාරවල අභ්‍යන්තර තත්ත්වය විමර්ශනය කිරීම සඳහා ඊයේ ජනාධිපති කාර්යාලයේදී  නිලධාරීන් පිරිසක් සමග පැවති සාකච්ඡාවේදී ය.

මෙහිදී ජනාධිපතිවරයා ආවධාරණය කර සිටියේ, පාතාල නායකයින්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බන්ධනාගාරයේ සිට සිදු කරන අපරාධ මෙහෙයුම් වහාම නතර විය යුතු බවයි.

සිරගෙවල් තුළට ජංගම දුරකතනයක් හෝ ගෙනයාම වළක්වා ගත නොහැකි නම්, බන්ධනාගාර නිලධාරීන්ගේ සේවයෙන් ඇති ඵලය කුමක් දැයි, එහිදී ජනාධිපතිවරයා ප්‍රශ්න කර සිටියේ ය.

 ”මම ප්‍රිසින් එකට කියන්නේ මේක හැදෙන්න කියලා මොකද ජනතාව අවශ්‍ය ඒක… විහිළුවක් නේ කුඩු ඇතුළට ගෙනියනවා වෙපන් ඇතුළට ගෙනියනවා. ඔපරේෂන්ස් කරන්නේ මේක ඇතුළේ ඉදලා මේක විහිළුවක් නේ. අපිට මුහුණ දෙන්න පුළුවන්ද මේ වගේ තත්ත්වයකට. ටෙලිෆෝන් එකක් ඇතුළට ගෙනියන එක වළක්වා ගන්න බැරිද? එහෙම නම් වැඩක් නෑනේ මහ ලොකුවට සේවයේ ඉදලා”

තවද රාජකාරිය නිසි ලෙස ඉටු නොකරන නිලධාරීන් සිටින්නේ නම්, ඔවුන් සම්බන්ධයෙන් ගත යුතු පියවර පිළිබඳව ද ජනාධිපතිවරයා මෙලෙස පැහැදිලි කළේ ය.

”දේශපාලනය නෙවෙයි මෙතන වැදගත් රාජකාරිය කරන එක.හරිදේ කරන එකයි මෙතන අවශ්‍යතාව හොඳ නිලධාරීන් ඉන්නවා කියලා කවුරුත් කියනවා නේ මෙතන ඒ නිසා ඒ හොඳ නිලධාරීන්ට කරන්න පුළුවන් විදිහට වැරදි නිලධාරීන් හදාගන්න හදන්න බැරි කොටසක් ඉන්නවා නම් පූල් එකක් හදලා පූල් එකට දාලා පැත්තකට කරලා තියන්න”

ත්‍රිවිද හමුදාපතිවරු, වැඩබලන පොලිස්පතිවරයා, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ප්‍රමුඛ පොලීසියේ සහ බන්ධනාගාරයේ ඉහළ නිලධාරීන් එක්ව සිටි මෙම සාකච්ජාවේදී අවධාරණය කෙරුණේ,  කුඩු ජාවාරම්කරුවන්ට, පාතාල නායකයින්ට මෙලෙස හැසිරීමට ඉඩදී තවදුරටත් ඉදිරියට යා නොහැකි බවයි.

”කුඩු කාරයකුට මේක කරන්න දෙන්නේ කොහොම ද පතාල නායකයකුට මේක කරන්න දෙන්නේ කොහොමද? මම අහන්නේ අන්න ඒවා. මේ විදිහට අපිට ඇත්තටම යන්න පුළුවන්කමක් නෑ. පොලීසිය කඩා වැටිලා නම් ප්‍රිසින්ස් කඩා වැටිලා නම් කොහොමද අපි නීතිය තියෙන රටක් හදන්නේ අපිට කරන්න පුළුවන් කමක් නෑ” ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න