ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ අවසන් කටයුතු අද

ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ අවසන් කටයුතු අද

අමෙරිකාව පුරා මහත් ආන්දෝලනයක් ඇතිකරමින් මියගිය ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ අවසන් කටයුතු අද (09) හූස්ටන්හිදී සිදු කිරීමට නියමිතය.

ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රතිමූර්තිය ලෙසින් පෙනීසිටි අමෙරිකානු ඉතිහාසයට කළු පැල්ලමක් එක්කරමින් ජෝර්ජ් ෆ්ලොයිඩ් නම් කළු ජාතිකයා පොලිස් නිලධාරියෙකු අතින් ඝාතනයට ලක්වුණේ පසුගිය මැයි මස 25වැනිදාය.

එය මුල්කරගෙන කළු ජාතිකයන්ගේ මූලිකත්වයෙන් අමෙරිකාව පුරා දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ වූ අතර ඊට ප්‍රජාතන්ත්‍රවාදයට ගරුකරන අමෙරිකානුවන්ගේ සහායද හිමිවුණි.

ෆ්ලොයිඩ් ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකාර හිටපු පොලිස් නිලධාරී ඩෙරික් ෂාවින් අධිකරණයට ඉදිරිපත් කළේය.

වීඩියෝ තාක්ෂණය ඔස්සේ පෙනී සිටි ෂාවින්ට එරෙහිව දෙවැනි මට්ටමේ පුද්ගල ඝාතනය ඇතුළු බරපතළ චෝදනා තුනක් ගොනුකර තිබේ.

ඔහුට අමෙරිකානු ඩොලර් මිලියන 1.25ක ඇපයක්ද නියම වී තිබුණි.

විදෙස් වාර්තා වැඩිදුරටත් සදහන් කර තිබුණේ නඩුව විභාග කෙරුණු කාලය පුරා ෂාවින් නිහඩව සිටි බවය.

මේ අතර මියගිය ෆ්ලොයිඩ්ගේ ඥාතීන් පෞද්ගලිකව හමුවීමට අමෙරිකානු ප්‍රධාන විපක්ෂය වන ඩිමොක්‍රොටික් පක්ෂ ජනාධිපතිවරණ අපේක්ෂක ජෝ බයිඩන් කටයුතු කර තිබුණි.

අදාළ හමුව සිදුව තිබුණේ ද හූස්ටන් නුවරදීය.

ෆ්ලොයිඩ්ගේ ඥාතීන් පැවසුවේ එම හමුව තම පවුලට විශාල ගෞරවයක් වූ බවය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න