වැඩතහනම් වූ විනිසුරු පිලපිටියගේ නඩු විභාගය අත්හිටුවීමේ නියෝගයක් !

වැඩතහනම් වූ විනිසුරු පිලපිටියගේ නඩු විභාගය අත්හිටුවීමේ නියෝගයක් !

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ හඬ පට සිද්ධියෙන් වැඩතහනමට ලක්ව සිටින හිටපු මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටියට එරෙහිව නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැත්වෙන නඩුව විභාගයට ගැනීම අත්හිටුවමින් අභියාචනාධිකරණය ඊයේ  (08) අතුරු නියෝගයක් නිකුත් කර තිබේ.

අභියාචනාධිකරණය මෙම අතුරු නියෝගය නිකුත් කළේ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක සමඟ එක්වී බොරු සාක්ෂි සෑදීම සඳහා කුමන්ත්‍රණය කළා යැයි කියන චෝදනා යටතේ තමන්ට එරෙහිව නුගේගොඩ මහසේත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන නඩු විභාගය අත්හිටුවන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය ගොනු කළ රිට් පෙත්සම සලකා බලමිනි.

එම රිට් පෙත්සම විභාගයට ගෙන අවසන් වන තෙක් බලපැවැත්වෙන පරිදි සභාපති ඒ.එච්.එම්.ඩී නවාස් සහ සෝභිත රාජකරුණා යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝග නිකුත් කර ඇත.

හිටපු මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය නීතියට අනුකූලව කටයුතු කර ඇති බවත් නීත්‍යනුකූල පියවර ගෙන ඇති බවත් නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වූ ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ සහීඩා බාරි සඳහන් කර තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න