මහමැතිවරණය අස්සේ පේපෑල් පෙන්වා තරුණ ඡන්ද ගැරීමේ ප්‍රයත්නයක් !

මහමැතිවරණය අස්සේ පේපෑල් පෙන්වා තරුණ ඡන්ද ගැරීමේ ප්‍රයත්නයක් !

එළැබෙන මහමැතිවරණයට සමගාමීව තරුණ චන්ද ලබාගැනීම උදෙසා අන්තර්ජාල මුල්‍ය ගෙවීම් ක්‍රමයක් වන Paypal තාක්ෂණය ලබාදීමට කටයුතු කරනවා යන්න මැතිවරණ සටන් පාඨයක් ලෙස යොදාගැනීමට විවිධ අපේක්ෂකයින් කටයුතු කරන බවක් අන්තර්ජාල පරිශිකලයන්ගේ සංගමයට හෙළිදරව් වී ඇති බව එම සංගමය පවසයි.

අන්තර්ජාල පරිශිකලයන්ගේ සංගමය වෙනුවෙන් එහි කැඳවුම්කරු හේමාල් ශ්‍රී විසින් නිකුත්කර ඇති නිවේදනයක මේ බව සඳහන් වෙයි.

එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වෙයි.

විශේෂයෙන්ම මෙලෙස විවිධ පුද්ගලයින් විසින් සිදුකරනු ලබන ක්‍රියා හේතුවෙන් නොදුරු අනාගතයේදී  Paypal ශ්‍රී ලංකාවට ලබාගැනීමට තිබෙනා එකම අවස්ථාවත් ඇහිරි යනු ඇතැයි අප සංවිධානය විශ්වාස කරමු. බොහෝ ශ්‍රී ලාංකිකයන් විවිධ ක්‍රම ඔස්සේ දැනට Paypal ගිණුම් පවත්වාගෙනු යනු ලබන අතර මහමැතිවරණ අපේක්ෂකයින්ගේ නොමනා ක්‍රියා හේතුවෙන් එම ක්‍රම වලට Paypal ගිණුම් පවත්වාගෙන යාම දැඩි තර්ජනයකට මුහුණ දී තිබේ.

විශේෂයෙන්ම තරුණ ජනතාව නොමග යැවීම සදහා Paypal සමාගමෙන් එවන ලද විද්‍යුත් තැපැල් පණිවිඩයක් ලෙස සකස් කරන ලද ව්‍යාජ පණිවිඩයක් මේ දිනවල සමාජ මාධ්‍ය අඩවි හරහා සංසරණය වෙමින් පවතින අතර මෙවැනි ව්‍යාජ ලේඛන වලට නොරැවටී තමන්ගේ වටිනා චන්දය භාවිතා කිරීමට කටයුතු කරන ලෙස අප තරුණ ජනතාවට අවධාරණය කරමු.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න