කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 12 දෙනෙකු අද (15) හඳුනාගෙන තිබේ.
මාලදිවයිනේ සිට පැමිණි පුද්ගලයින් 06 දෙනෙකු, කුවෙට් සිට පැමිණි පුද්ගලයින් 05 දෙනෙකු සහ බංග්ලාදේශයේ සිට පැමිණි අයෙකු ඔවුන් අතර වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියි.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 1901 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.
වෛරස ආසාදිතයින් 548 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.
මේ අතර තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 55 දෙනෙකු සුවය ලබා තිබේ.
නාවික රෝහල, අයි.ඩී.එච්, වැලිකන්ද, මුල්ලේරියාව, ඉරණවිල, කාතාන්කුඩි, මිනුවන්ගොඩ සහ තෙල්දෙණිය රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි පිරිසක් සුවය ලබා පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේය.
මේ වන විට පුද්ගලයන් 1342 දෙනෙකු සුවය ලබා තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
