CID ය පරිගණකය රැගෙන ගිහින් : ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනිය බියෙන් !

CID ය පරිගණකය රැගෙන ගිහින් : ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනිය බියෙන් !

ඉංග්‍රීසි බසින් ලියන ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනියකගේ ලැප්ටොප් පරිගණකය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් රැගෙන යාම සමග එහි ඇතුලත් පුද්ගලයන්ගේ තොරතුරු ඇතුළු දත්ත අනිසි ලෙස යොදා ගනු ඇති බවට බියක් පලවී තිබේ.  

'නිව්යෝර්ක් ටයිම්ස්' මාධ්‍යවේදිනියක මෙන්ම 'සන්ඩේ ඔබ්සර්වර්' හිටපු කතුවරියද වන ධරිෂා බැස්ටියන්ස් විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන පරිදි ජූනි 9 දා ඇගේ නිවසට ඇතුල්වූ CID නිලධාරීන් ඇගේ මුළු නිවසම ඡායාරූප ගතකොට පරිගණකය ඇතුළු ඊට අයත් ආම්පන්න රැගෙන ගොස් ඇත.

මීට ඉහත දෙවතාවක්ම ඇගේ නිවසට වරෙන්තුවකින් තොරව ඇතුල්වී පරිගණකය ගෙනයාමට අසාර්ථක උත්සාහයක යෙදුනු පොලිස් නිලධාරීන් මේ වතාවේ පැමිණ ඇත්තේ වරෙන්තුවක් සමගය.

බරපතල අවධානමක් !

මීට ඉහතදී උසාවි නියෝගයකින් තොරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඇගේ දුරකථන ඇමතුම් දත්ත ලබාගෙන එම තොරතුරු ප්‍රසිද්ධියට පත්කර තිබුණු හෙයින් එය බියට හේතුවන බව මාධ්‍යවේදිනිය පවසයි.

 “එදා, මෙදා සහ ඉදිරි කාලයේදී  මගේ මුලාශ්‍ර සහ සම්බන්ධතා බරපතල ලෙස අනතුරේ හෙළිය හැකි පරිදි මගේ  දුරකතන වාර්තා ප්‍රසිද්ධියේ එළිකිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදිනියක ලෙස මම මහත්සේ තැති ගෙන සිටිමි,” යි ධරිෂා  බැස්ටියන්ස් තමන් මුහුණපා සිටින අවදානම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ එළිදැක්වු නිවේදනයේ සඳහන් කරන්නීය.

“නීතිය ක්‍රියාවේ යොදවන නිසි ආයතන කරන ඕනෑම විමර්ශනයකට සහාය දැක්වීමට මම සුදානම්ව සිටින අතර  මගේ පරිගණකය විශ්ලේෂණය කිරීමෙන් කිසිදු අපරාධකාරී දෙයක් CID ය විසින් සොයාගනු නැති බව මගේ විශ්වාසයයි.

නීතිය ක්‍රියාවේ යොදවන ආයතන විසින් ගන්නා ලද ලැප්ටොප් පරිගණකයේ දෘඩාංග, මෘදුකාංග, දත්ත සහ ලියකියවිලි ඇතුළු වෙනත් මට අයත් විද්‍යුත් ද්‍රව්‍ය/මෙවලම් වල පරිපුර්ණත්වය අවදානමේ හෙලීමට මේගැන උනන්දුවක් දක්වන අංශ විසින් වීරිය කිරීමේ ඉඩකඩ සම්බන්ධයෙන් පවත්නා තත්වයන් යටතේ මම මහත්සේ කලබලයට පත්වී සිටිමි.” ඇය සිය නිවේදනයේ සඳහන් කර ඇත.

වෘත්තීය සගයන්ගෙන් ප්‍රශ්න කරලා !

පසුගිය අවුරුද්දේ නොවැම්බර් මාසයේ සිදුවූ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක පැහැරගනු ලැබීමක් පිළිබඳ චෝදනා සම්බන්ධයෙන් සිදුකෙරෙන අපරාධ පරීක්ෂණයකට ඇගේ නම පසුගිය මාස කිහිපය තිස්සේම ගාවා තිබුණු බව ධරිෂා බැස්ටියන්ස් සඳහන් කරන්නීය.

ඇය වැඩි දුරටත් කියා සිටින්නේ විශේෂයෙන්ම ඇය පරිහරණය කරන විද්‍යුත් මෙවලම් සම්බන්ධයෙන් ඇගේ වෘත්තීය සගයන්ගෙන් CID ය ප්‍රශ්න කර ඇති බවයි.

(ද ලීඩර්) 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න