ගුරු විරෝධයක් අත ළඟ !

ගුරු විරෝධයක් අත ළඟ !
පෞද්ගලික හා ජාත්‍යන්තර පාසල් ගුරුවරු යොදා පිළිතුරු පත් පරීක්ෂා කිරීමේ ආණ්ඩුවේ තීරණයට ගුරු සංගම් වල දැඩි විරෝධයක් එල්ලවෙමින් තිබේ.
 
මේ සම්බන්ධව නිවේදනයක් නිකුත්කරන ලංකා ගුරු සංගමය සඳහන් කරන්නේ මෙම තීරණය නතර නොකළහොත් අනෙක් වෘත්තීය සමිති සමඟ එකතුව දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගැනීමට කටයුතු කරන බවය.
 
මේ සම්බන්ධව ලංකා ගුරු සංගමය නිකුත්කළ නිවේදනය පහත දැක්වෙයි.

අපොස උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාග පරීක්ෂකවරු ලෙස පෞද්ගලික හා ජාත්‍යන්තර පාසල්වල ගුරුවරු කැඳවීමට විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා ගෙන ඇති තීරණයට දැඩි විරෝධය පළ කරමු. මෙය ජාත්‍යන්තර පාසල් හා පෞද්ගලික පාසල්වල කි‍්‍රයාකාරීත්වය රට තුළ නීතිගත කරමින් නිදහස් අධ්‍යාපනය විනාශ කිරීමේ කි‍්‍රයාමාර්ගයේ දිගුවක් බව ප‍්‍රකාශ කරමු.

රජයේ පාසල්වල ගුරුවරු බඳවා ගැනීම සිදු කරන්නේ ශී‍්‍ර ලංකා ගුරු සේවා ව්‍යවස්ථාවට අනුව තරග විභාග පවත්වා විධිමත් ක‍්‍රමවේදයක් යටතේය. පෞද්ගලික පාසල් ගුරුවරු එවැනි විධිමත් ආකාරයකට බඳවා නොගන්නා අතර, උත්තර පත‍්‍ර පරීක්ෂා කිරීම හා විභාග කටයුතු සම්බන්ධයෙන් ඔවුන් කිසිදු වගකීමකට බැඳී නොසිටී. එම තත්වය තුළ එවැනි වගකීමකින් තොර පිරිසක් උත්තර පත‍්‍ර ඇගයීම් කටයුතුවලට යොදා ගැනීමෙන් සිසුන්ට බරපතල අසාධාරණයක් සිදු විය හැකිය. එවැනි පසුබිමක රජය මෙලෙස වගකීමකින් තොරව ජාතික විභාග සම්බන්ධයෙන් තීරණ ගැනීමෙන් පැහැදිලි වන්නේ පෞද්ගලික අධ්‍යාපනයට මග පෑදීමට දරණ උත්සාහයයි.

මේ දිනවල උපකාරක පන්තිවල ඉගැන්වීමේ නිරත කණ්ඩායම් සමග ආණ්ඩුව දිගින් දිගටම සාකච්ඡුා කරමින් විභාග සම්බන්ධයෙන් ඔවුන් හා තීන්දු තීරණ ගැනීම තුළ ද රජයේ පාසල් 10174 ක සේවය කරන ගුරුවරු හෑල්ලූවට ලක්කර ඇත. මේ වන විට පාසල්වල උසස්පෙළ පන්තිවල ඉගැන්වීම් කරන ගුරුවරුන්ගේ කාර්ය භාරය නොසලකා උපකාරක පන්තිවලට බර තැබීමේ කි‍්‍රයාකාරීත්වයකට ආණ්ඩුව පැමිණ ඇත්තේ උපකාර පන්ති පවත්වන මහාපරිමාණ ව්‍යාපාරිකයින් වර්තමාන රජයේ මැතිවරණ කි‍්‍රයාදාමයේ උදව්කරුවන් වන නිසාය.

අධ්‍යාපනය සම්බන්ධයෙන් පත් කළ කාර්යසාධක බලකාය ඇතුළු විවිධ කමිටුවලට පෞද්ගලික පාසල් ව්‍යාපාරිකයින් ද ඇතුළත් කර තිබීම තුළ මෙම තත්වය මනාව ප‍්‍රදර්ශනය වී ඇත.

මේ වන විට විභාග දෙපාර්තමේන්තුව ජාත්‍යන්තර පාසල්වල සහ පෞද්ගලික පාසල්වල ගුරුවරු පිළිතුරු පත් ඇගයීම් සහ විභාග කටයුතුවලට යොදවා ගැනීමේ තීරණය නතර නොකළහොත් සෙසු වෘත්තීය සමිති සමග ඒකාබද්ධව දැඩි වෘත්තීය කි‍්‍රයාමාර්ගවලට යොමු වන බව ප‍්‍රකාශ කරමු.    

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න