විදෙස්ගත රැකියාවන්හි නිරත වූ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 23 දෙනකු මේ වන විට කොරෝනා ආසාදනයවීමෙන් විදෙස්ගත මියගොස් ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
එම ශ්‍රමිකයින් කුවේට්, ඩුබායි, අබුඩාබි, සෞදි අරාබිය, ඕමානය ආදී රටවල සේවයට ගොස් සිටි අය බවත් දැනගන්නට ඇත.
මෙම ශ්‍රමිකයින් 23 දෙනා මාර්තු මස මැද භාගයේ සිට මේ දක්වා කාලසීමාව තුළ මියගොස් ඇතැයි ද වාර්තා වෙයි.
ඔවුන් වෙනුවෙන් ලැබිය යුතු රක්‍ෂණාවරණ, වන්දි දීමනා, හිඟ වැටුප් ආදිය ඔවුන්ගේ පවුල් වෙත ලබාදීම සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශය අදාළ රටවල තානාපති කාර්යාල හා එක්ව කටයුතු කරගෙන යන බව ද වාර්තා වෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
