කාංචනගේ සහ නිපුනගේ ආධාරකරුවන් දෙනියායේ දී මරාගනියි : තුනක් රෝහලේ

කාංචනගේ සහ නිපුනගේ ආධාරකරුවන් දෙනියායේ දී මරාගනියි : තුනක් රෝහලේ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අභ්‍යන්තරයේ මනාප පොරය පෙරට පැමිණ ඇති අතර දැන් එය එකිනෙකාගේ ආධාරකරුවන් ගහමරා ගන්නා තැනට උත්සන්නව තිබේ.

ආසන්නතම සිදුවීම මාතරින් වාර්තා වන අතර ඒ මෙසේය.

මාතර දිස්ත්‍රික්කයේ අපේක්ෂකයින් පිරිසකට සහාය දැක්වීම සදහා කොටපොල ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ ඊයේ  (21)  පැවැත්වීමට සූදානම් කර තිබු රැස්වීමක් අතරතුරදී එම පක්ෂයේම ආධාරකරුවන් දෙපිරිසක් අතර ඇතිවු ගුටි බැට හුවමාරුවක දී කොටපොල ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා ඇතුළු තිදෙනෙකු පහර කෑමට ලක්ව රෝහල් ගත කර ඇතැයි දෙනියාය පොලීසිය පවසයි.

ඒ අනුව දෙනියාය රජයේ රෝහල වෙත ඇතුලත් කර ඇත්තේ එම රැස්වීම සංවිධානය කල 'ඩලස් - කාංචන'  පාර්ශ්වය නියෝජනය කල කොටපොල ප්‍රාදේශීය සභාවේ උප සභාපති සංජීව අරුක්ගොඩ, ප්‍රාදේශීය සභා මන්ත්‍රී මානෙල් ආනන්ද හා නිපුන රණවකගේ ආධාරකරුවෙකු වු ජීවන් ලංකාතිලක යන තිදෙනායි.

එම දෙපාර්ශ්වයම මේ පිළිබඳව දෙනියාය පොලීසිය වෙත පැමිණිලි කර ඇත.

කාංචන කියන කතාව ! 

'පොහොට්ටු' පක්ෂයේ අපේක්ෂක කංචන විජේසේකර සිද්ධිය සම්බන්ධයෙන් මෙසේ පැවසිය.

“අපේක්ෂකයින් හත් දෙනෙකු සහභාගී වන රැස්වීමක් තමයි කැදවා තිබුණේ. ඒකට නාදුනන පිරිසක් පිටබැද්දර ඉදන් ඇවිත් සංවිධානාත්මකව කුමක් හෝ කරන්න හදන බවට කල්තියාම දැන ගන්න ලැබුණා. පිටබැද්දරත් එවැනි රැස්වීමක් පවත්වන්න නියමිතව තිබියදියි ඔවුන් කොටපොලට ඇවිත් තිබුණේ.

එම අවස්ථාවේ එම පිරිස කොටපොල සභාපතිතුමාගේ බෙල්ලෙන් අල්ලා මරණ තර්ජනය කල අවස්ථාවෙදියි මේ සිද්ධිය ඇති වුනේ. අපේ සභාපතිවරුන්ට දිගින් දිගටම සිදු කරන මරණ තර්ජන ගැන මමත් පොලීසියට පැමිණිලි කලා.

දෙනියායට තවම ආසන සංවිධායකවරයෙකු පත් කර නැහැ. ජනාධිපතිවරයා විසින් දෙනියාය ආසනයේ බලයලත් නිලධාරියා ලෙස පත් කර තිබෙන්නේ වීරසුමන වීරසිංහ මහතායි. ඕනෑම කෙනෙකුට දේශපාලනය කිරිමේ අයිතියක් තිබෙනවා. මම මේ ගැන ජනාධිපතිතුමා දැනුවත් කිරීමටත් කටයුතු කලා. මොකද මෙවැනි සිදුවීම් ජනාධිපතිතුමාටත් හොද නැහැ.”

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න